-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට පැනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාරිය මානසික ආබාධයකින් පෙළෙන බවට මානසික විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ලබා දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි සින්නි ජයද්‍රා මොහොමඩ් ලෙබ්බේ නමැති සැකකාරියක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

ඉකුත් 10 දින ජනාධිපතිවරයා රැගත් රථ පේළිය කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලින් ගමන් කරන අවස්ථාවේ සැකකාර කාන්තාව එම රථ පේළියට පැනීමට තැත් කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබන 22දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර මානසික වෛද්‍යවරයකුට පෙන්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos