-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුප්‍රකට හැරී පෝටර් ග්‍රන්ථ මාලාවේ කතුවරිය වන ජේ.කේ රෝලිං විසින් තවත් හැරී පෝටර් කතාවක් රචනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට ඇය මෙසේ රචනා කර ඇත්තේ ක්විඩිච් ලෝක ශූරතාවලියක් වටා ගෙතුනු වචන 1,500 කට සීමාවූ කෙටි කතාවකි.

එය ග්‍රන්ථ මාලාවේ එන ඩේලි ප්‍රොෆෙට් පුවත් පතෙහි වාර්තාකාරිනියක් වන රීටා ස්කීටර් විසින් පුවත් පතට රචනා කරන ලද තීරු ලිපියක් ලෙස රචනා වී ඇත.

නව කෙටි කතාවෙන් හමුවන හැරී පෝටර්ගේ වයස අවුරුදු 34ක් වීමට ආසන්න වන අතර ඔහු තරඟය නැරඹීමට පැමිණෙන්නේ සිය පුතුන් දෙදෙනා සමඟයි.

හැරීගේ නලළේ ඇති කැළලට අමතරව තවත් දරුණු කැළලක් ඔහුගේ දකුණු කම්මුලේද ඇති බව එහි සඳහන් වේ.

තවද හැරීගේ හොඳම මිතුරන් වන හමොයිනි සහ රොන්ට දරුවන් දෙදෙනකු වෙයි.මේ වන විට රොන් සිය නිවුන් සොහොයුරන්ගේ විහිළු  කඩයේ සේවය කරන අතර හමොයිනි මැජික් නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී තනතුරට පත්ව තිබේ.

රෝලිංගේ www.pottermore.com වෙබ් අඩවියට පිවිසෙන ඔබට මෙම කෙටි කතාව කියවීමේ අවස්ථාව උදාවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos