ගාල්ල නගරයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය අද දහවල් වටලනු ලැබුවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ සිටි කාන්තාවන් සිව්දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගැනුණු බවයි.
අදාළ කාන්තාවන් ගණිකා සේවයේ යෙදී ලබාගන්නා මුදල්වලින් වැඩි කොටසක් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා යොදාගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ. අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.





