ව්‍යාජ වාහන පොතක් සකස්කර රුපියල් තිස්අට ලක්ෂයක් වටිනා පැජරෝ ජීප්රථයක් මාවනැල්ල ප්‍රදේශයේ කාන්තාවකට විකුණා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමුව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සංජය සේනාරත්න මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන ජුනි 2දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.
එම සභාපතිවරයා රහස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
සිද්ධියට අදාළ කාන්තාව විසින් පසුගිය අප්‍රේල් 14 දින කොළඹ පොලිස් මූලස්ථානයේ පොලිස්පති සහන මැදිරියට පැමිණි පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට භාරදී තිබිණි.
ඒ අනුව මේ සිද්ධියට සම්බන්ධ ගරාජ් හිමියෙක්ද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ලබන මස 2දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.
රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.