-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අම්බලන්ගොඩ නගර සභාවේ පුරප්පාඩුව පැවැති නාගරික මන්ත‍්‍රීධූරයක් සඳහා පසුගිය දින දිවුරුම් දීමට පැමිණි නවක මන්ත‍්‍රීවරියක් සභාවට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණ නොසිටීම හේතුවෙන්, එහි සිටි සභාපතිවරයාගේ නියෝගය මත නැවත නිවසට ගොස් සුදුසු ඇඳුමකින් සැරසී සභා ගැබට පැමින දිවුරුම් දුන්නා ය.

එසේ දිවුරුම් දුන්නේ, "ලජුවන්වඩු භාෂි මේනකා විජේසූරිය” නමැති මන්ත‍්‍රීවරියකි. හිටපු නාගරික මන්ත‍්‍රී රාහුල ලලිත වික‍්‍රමල (එජනිස) සීමා සහිත අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ධූරයට පත් වී යාමෙන් පුරප්පාඩුව තිබූ මන්ත‍්‍රී ධූරය සඳහා ඇය දිවුරුම් දුන්නා ය.

"භාෂි මේනකා විජේසූරිය" එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව තිබූ නාගරික මන්ත‍්‍රී ධූරය සඳහා දිවුරුම් දීමට නගර සභා සභාපති නීතිඥ ඇම්.ඩබ්ලිව්.අරුණ ප‍්‍රදීප්ගේ නිල කාමරය වෙත පැමිණියාය. මේ බව සැළ වූ වහාම සභාව මෙහෙය වමින් සිටි සභාපතිවරයා තාවකාලිකව සභාවේ කටයුතු උපසභාපති කමල් වැල්ලගේ මහතාට පවරා සිය නිල කාමරයට ගොස් ඇත.

ඔහු සිය නිල කාමරයට ගොස් විනාඩි කිහිපයකින් සභාවට පැමිණ සභාපති පුටුවේ හිඳගනිමින් එහි සිටි පිරිසට පවසා ඇත්තේ, "භාෂි" මන්ත‍්‍රීධූරයේ වැඩ භාර ගැනීමට පැමිණ තිබුණත් සුදුසු ඇඳුමකින් සැරසී නොසිටි බවයි. ඒ හේතුවෙන් සුදුසු සුදු පැහැති ඇඳුමකින් සැරසී නැවත පැමිණෙන ලෙස අවවාදකර යැවූ බව කීවේ ය. නවක මන්ත‍්‍රීවරියක් නිසා නොදැනීමෙන් එසේ වන්නට ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඇය පැය භාගයකට පමණ පසුව නැවත සුදු ඇඳුමකින් සැරසී සභා ගැබට පැමිණ දිවුරුම් දී නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ධූරයේ වැඩ භාර ගත්තා ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos