-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 හා 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් මිලියන 25,000ක් බව මෙයට පෙර අපවිසින් හෙළිකරන ලදී.

එයට අමතරව ගුවන් සමාගමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ලෙස ගුවන්යානයක් ඔහුගේ උවමනාව මත සිංගප්පුරුවේ ගුවන්තොටුපොළ වෙත ගෙන්වා ගැනීමද සිදුවුයේ මෑතකදීය. එයට නොදවෙනිවූ සිදුවීමක් නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් වාර්තා වී ඇත.

කොළඹ සිට පැරිස් බලා ගුවන් ගතවීමට නියමිතව තිබු UL 110 නම් ගුවන් යානය මාලදිවයිනේ සිට පැමිණි සංචාරකයන් 75 දෙනෙකු ගුවන් යානයට පැමිණෙන තෙක් ගුවන් යානයේ පිරිස බලාගෙන සිට ඇත.

ගුවන් යානය ගමන් ඇරඹීමට කාලසටහනට අනුව වේලාව ඉතිරිව තිබී ඇතිඅතර පැමිණීමට නියමිතව සිට ඇත්තේ මාල දිවයිනේ සිට පමිණි 75 දෙනෙකුගෙන් යුත් සංචාරක කණ්ඩායමවේ. කාලසටහනේ වේලාව එනතෙක් බලා සිටීමට නොහැකි වූ "චතුර" කටක් ඇති ගුවන් සේවිකාවක විසින් ගුවන් සේවයේ ඉහලම නිලධාරියෙකු දුරකතනයෙන් අමතා තමාට ගුවන්යානය තුල තවදුරටත් බලා සිටීමට නොහැකි බව පවසා ඇත.

වහාම එම ඉහල නිලධාරියාගෙන් පැමිණි දුරකථන ඇමතුමට අනුව ශ්‍රී ලංකන් ගුවන් යානය මාලදිවයිනේ සංචාරකයන් නොමැතිව ගුවන් ගමන ආරම්භකොට ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකන් සමාගමට එම සංචාරකයන් එදින රාත්‍රියේ නවතන් පහසුකම් සලසා දීමට සිදුවී ඇත.

ජනවාරි මස 25 වන දින ලංකාවේ ගතකල එම සංචාරකයන් පිරිස ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ෆෑන්ක් ෆර්ට් වෙත යවා එතැන් සිට පැරිස් දක්වා වෙනත් ගුවන් සේවයකින් පිටත්කොට ඇත.

මෙම කරුණෙන් මතුවන සරල ගැටළු කිහිපයක් ඔබටම විසඳා ගැනීමට අප ඉඩ තබන්නෙමු.
ගුවන්යානයක් ගුවන්ගත කරනතුරු ඉවසිය නොහැකි ගුවන් සේවිකාවක් කතා කළහැකි ගුවන් සේවයේ සිටින ඉහලම පුද්ගලයා කව්ද?

එම ගුවන් සේවිකාව හා එම ප්‍රධානියා සමග තිබිය හැකි සම්බන්ධතාවය කුමක් විය හැකිද ?  (33000)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos