-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පිටසක්වළ බුද්ධිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට දශක 2ක් හෝ ඊට අඩු කාල සීමාවකදී විද්‍යාඥයින්ට හැකිවනු ඇතැයි කැලිෆෝනියාවේ සෙටී ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ සෙත් ෂොස්ටැක් පවසා තිබේ.  පිටසක්වළ බුද්ධිය සෙවීම පිළිබඳ ආයතනය හෙවත් සෙටී ආයතනය තාරකා විද්‍යාඥයකු හා ලේඛකයකුවූ කාල් සාගන් විසින් ආරම්භ කරන ලද්දකි.
මේ වන විට හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන්ම කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයද සෙටී ආයතනය විසින් සිය ගවේෂණ කටයුතු සඳහා යොදාගනු ලබයි.
2009දී කෙප්ලර් දුරේක්ෂය ක‍්‍රියාත්මක වූ පසු විද්‍යාඥයින්ට විශ්වය පුරා පෘථිවිය වැනි ග‍්‍රහලෝක ගණනාවක් හමුවී තිබේ.
පසුගිය මාසයේදී තහවුරු කරනු ලැබූ ආලෝක වර්ෂ 560ක් ඈතින් පිහිටි කෙප්ලර් 10c ග‍්‍රහලෝකයද ජීවයට සුදුසු තත්වයක පැවතීමට ඉඩ ඇතැයි තාරකා විද්‍යාඥයින් විසින් පවසා තිබිණි.
මේ අනාවරණයන් සමග පිටසක්වළ ජීවය පිළිබඳව යළිත් අවධානය ලක්වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
සෙටී ආයතනය පවසන්නේ වසර 100ක් පුරා පෘථිවි වාසීන් විසින් රේඩියෝ තරංග විශ්වයට සම්ප්‍රෙෂණය කිරීම ආරම්භ වූ බවයි.  මේ වන විට මෙම තරංග ආලෝක වර්ෂ 100ක දුරක් ඉක්මවා පැතිර ගොස් ඇති අතර සෙටී ආයතනය විසින් පිටසක්වළ බුද්ධිය වෙත පණිවුඩ යැවීම හෙවත් මෙටී නම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද යෝජනා කර තිබේ.
කෙසේවෙතත් ඇතැමුන් පවසන්නේ තස්මේනියානු ඇබොරිජින් වරුන්ට යුරෝපියයක් හමුවූවාක් මෙන් පිටසක්වළ දියුණු ශිෂ්ඨාචාරයක් මුණගැසුනහොත් එය ඉතා අනතුරුදායක විය හැකි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos