-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හීනවලට කඩේ ගිහින් වල්මත් වෙන්නත් අපි හීන ලෝකවල රජ වෙන්න පිඹුරුපත් හදන බිබික්කන් තාරුණ්‍ය නෙවේ, අපි යනවා කඩේ හැබැයි ඒ දුක් විඳින මනුස්සකම වෙනුවෙන්. සැබෑම නිදහස වෙනුවෙන්. අරුත්බර තාරුණ්‍ය වෙනුවෙන්. සිස්ටම් නැති සමාජයක් වෙනුවෙන්" ඔය උන් බැඳපු උත්තර.

පාන්දරම කොළඹට පය ගැහුවේ සටන් කරන තරුණයන් ටිකක් හොයාගෙන... මේ තරුණයෝ මොකක්දෝ හේතුවක් හින්දා පාරේ අට්ටාල ගහගෙන. යන එන අය නම් කියන්නේ පිනට දෙන දේ අරගෙන ඉන්න බැරි හින්දා මුන්ගේ ගෙවල්වල අම්මලා අප්පලා නැති හින්දා මේ කොල්ලෝ කෙල්ලෝ ටික පාරේ ලැගලා කියලා.... කොහොම වුණත් මුන් ඔක්කොම තරුණයෝ. මේ කතාව පටන් ගන්න කොටත් කොළඹ පාරවල් කිහිපයක පදිකවේදිකා මේ තරුණයෝ උන්ගේ නවාතැන් පොළවල් කරගෙන. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉදිරියේ, කොළඹ කොටුවේ, කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මෙන්ම ඇස්වාට්ටුවෙත් මේ කොල්ලෝ කෙල්ලෝ අට්ටාල අටවාගෙන. හරි උන්ට හේතු ඇතිවා හෝ නැතිවා උන් වෙනස් කියලා හිතුණා. මේ තරුණකමට දුවන්නන් වාලේ දුවන සිස්ටම් එක කුඩු කරන්න ආසාවක් මහා උණක් තියෙනවා කියලා අපිට හිතුණ හින්දා කොටුවේ දුම්රිය පොළ ඉදිරියේ වාඩිලාගෙන මේ කොල්ලෝ කෙල්ලෝ එක්ක කතාවක් දාන්න අපි අට්ටාලයට ගොඩ වුණා.
අපේ අරමුණ වුණේ මේ කොල්ලන්ගේ කෙල්ලෙන්ගේ වාඩිලෑමට හේතු හොයන්න නෙවේ. මුන්ට මේ සමාජයේ පය ගහලා ඉන්න අනෙක් කොල්ලෝ කෙල්ලෝ වගේ ඉන්න බැරි ඇයි. මුන් මේ සිස්ටෙම් එක වෙනස් කරන්න මේ තරමට දත කන්නේ ඇයි කියලා. මුන් තාරුණ්‍ය ගැන කියන්නෙ මොනවද කියලා අහලා කතා කරලා යන්න. මම දන්නවා මේ මඟුල කියවන හැමෝටම තියෙන ප්‍රශ්නෙ මුන් කවුද කියන එක... වෙන කවුරුත් නෙවේ මුන් දින 165ක් මුළුල්ලේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අට්ටාලයක් උන්ගේ නිවහන කරගත් සම සෞඛ්‍ය අධ්‍යාපනය සුරක්‍ෂිත කරගන්න වෙර දරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ.


හරි මුන් එක්ක ඉන්න ගමන් මම හීනියටම ඇහුවේ කවුද මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ කියලා... දන්නවද උන් දුන්න උත්තරය මගේ කන පැළෙන්න වැදුණා. උන් කියනවා තරුණකම ඉගෙන ගන්න. ජීවිතයේ ගැඹුර දකින්න, යකෝ ජීවත් වෙනවා කියලා දකින දැනෙන, ඒ විතරක් නෙවේ එකමුතුකම දන්න යන අතට මැස්ස බඳින්න නෙවේ රටට ලෝකයට ගැළපෙන සිස්ටම් එක දන්න එවුන් ඒ වෙනුවෙන් වලිකන උන් තමයි මේ ලගින්නේ කියන එක. උන්ගේ වචනයෙන්ම ලියනවා නම් මේ සමාජය තුළ තියෙන ප්‍රශ්න ගැටලු නිවැරැදිව දකින තරුණ ප්‍රජාවක්. මේ සමාජය තුළ පාලකයන් හැසිරීම හා නිර්මාණය වන ගැටලු. ඒ විතරක් නෙවේ එරිනාවේ අපිත් කියපු උඩ ඉන්න එකා තෝන් ලණුව දාලා නටවන විදියට නටපන් කියලා හීන ලෝකවල අතරම කරපු ඔළුගෙඩිවලට නොපෙනෙන නොදැනෙන දේ දැනෙන මේ සිස්ටම් එක කුඩු කරන්න පුළුවන් කොඳු ටිකක්. මුන් මට කියනවා සල්ලිවලින් පුරවපු පර්ස්වල කොහෙද මනුස්සකමට ඉඩ තියෙන්නේ කියලා. ඇත්ත කතාව ඇත්ත. මැරිච්ච මිනිහගේ ශරීර කූඩුව රෝහලෙන් ඉවත් කර ගන්නකන් පණ තියෙන මිනිසුන්ව ඇපයට බඳින්න වෙන ලෙඩා මළත් බඩ සුද්ද වෙන්න ලක්‍ෂ ගණන් බිල් තියන මේ සිස්ටම් එක තමන් එක්ක ඉගෙන ගන්න එකාව මරාගෙන හරි ගොඩ යන්න බලන සිස්ටම් එක. තමන්ව ජාතක කරපු අම්මා අප්පව මරණ සිස්ටම් එක ඇතුළේ මනුස්සකමට ඉඩ නෑ. මට දුන්නා ලස්සන උදාහරණයක්. කේටරින් කරලා අවමඟුලට තුන් මාසේ දානයට කෑම ටික දෙන මේ සිස්ටම් එක අපේ ලෝකයේදී අපි කුඩු කළා කියලා. දැන් අහුලපන් කුඩු ටික. අපි ළඟ තියෙනවා මරු බැඳීමක්. මෙතැන ඉන්නේ සල්ලිවලට විකිණෙන්නේ නැති ජීවිත ටිකක්. උදේ ඉඳන් හවස් වෙනකන් තරු පහෙන් කාලා රෝද හතරේ රේස් පැදලා රෑට රට බීමට වෙරි ජීවිත වගේ කෙල්ලන්ගේ ඇඟ උඩ හති ඇරලා වෙරි බස්ස ගන්න ලෝකයක් අපිට නෑ. හැබැයි ඉස්සර ගමක තිබ්බ සාමූහිකකම, එකතුව අපිට තියෙනවා... අනෙක් අතට වාසනාවකට වගේ පොළොවේ පය ගහන හයිය අපිට තියෙනවා. ලස්සනම කතාව අපිට නෑ ජාතියක්, කුලයක්, සල්ලිවල ලොකුකමක්, ආගමක්. ඒ නිසා අපිට මේ ප්‍රශ්න පේනවා. දෙමළෙක්ට වෙඩි තියන්නවත්, මුස්ලිමෙක්ට ගල් ගහන්නවත් අපිට ඕනේ නෑ. උන්ටත් එහෙමයි දෙමළ වුණත් මුස්ලිම් වුණත් උන් අපිත් එක්ක අවුරුදු කනවා. ඉතින් අපි තමයි මේ සිස්ටම් බිඳින්නේ මොකද අපි දුවන්නේ වහල් බැම්මෙන් හිරවෙලා නොවෙන හින්දා.


මම මේ කොල්ලන්ගෙන් ඇහුවා උඹලට හීන නැද්ද? උඹලට කෙල්ලෙක් සල්ලි යාන වාහන ටිකක්, ලොකු ගෙයක් එක්ක ටිකක් පේන්න ජීවත් වෙන්න වුවමනාවක් නැද්ද කියලා. මුන් දුන්නා මට නක්කලයට හිනාවක්. මුන් මගෙන් අහනවා සිස්ටෙම් ඉන්න රොබෝ කෙනෙක්ට මොන මඟුල තිබ්බත් උන්ට ජීවිතයක් තියෙනවා කියලා. මරු. ඔය අතරින්පතර අපේ එකෙක් අහනවා නිකන් කැටයම් කපන්නේ ලෝකයට පේන්න. නිකන් අන්දන්න පුළුවන් ගේමක් ලෙසට නේද කියලා. ඔවුන්ට ඕන සෙල්ලම් කරන්න. ඒත් අපිට ඕන මේ සෙල්ලම නවත්තන්න. මේ අහන්න පාරේ හිඟාකන අම්මගෙන් පටන් ගත්තහම කුඹුරුවල දත කන ගොයියාගේ ඉඳන් මුන් ගේම් ගහනවා. අපි ඉගෙන ගන්නේ මේ මිනිසුන්ගේ සල්ලිවලින් ඉතින් මේ මිනිස්සු වෙනුවෙන් මේ මඟුල් ගේම් එක දිනන්න අයිතියක් මේ ලැගලා ඉන්න තරුණකමට තියෙනවා. කොහොම වුණත් අපි පාරේ ලගිනවා දකින එවුන්ට ආතල් ඇති. සිස්ටම් එක රන් කරන එවුන්ට අපිව තලු මරන්න පුළුවන් සිරා කේස් එකක්. ඒත් අපි මේ ගේම් එක ගහනවා ඕන එකෙක්ට ආයෙත් වහල්කම් නොකරන්න. අල්ලපු ගෙදර කෙල්ල දූෂණය වුණාම ඇස් වහන් ඉන්න අපේ කෙල්ල හොඳින්නේ කියලා ෆන් ගන්න අපි ලෑස්ති නෑ. මොකද අපි දන්නවා ඊළඟට වෙන්නේ මොකක්ද කියලා. අද අපි පාරේ ඉන්න කොට අපිට බුරන හැමෝම වෙනුවෙන් අපි පාරේ උන් ගැන කේන්තියක් නැතිවම. මොකද දන්නවා ඔය කවුරු කවුරුත් කෙළවෙන කොට අපේ පාරට එනවා කියලා.


ඔය උන්ගේ කතාන්දර. උන්ගේ මොරාල් එක. ඔය හති වැටෙනකන් කෑ ගහන කොල්ලන්ව කෙල්ලන්ව හිර කරන්නත් එක්ක අපි පොඩි පාරක් ගැහුවා රිදෙනවද කියලා දැන ගන්න. මහා මඟ ලගින තාරුණ්‍ය කඩේ යනවා කියලා දේශපාලනය හීනවලට. ආයෙමත් මුන් දිනුම්. මහා බැල්මක් එක්ක. "නෑ දේශපාලනයට හෝ දේශපාලන චරිතවලට අපි ඇදෙ යන්නේ නෑ. වෘත්තීය දේශපාලනඥයන්ට රට ගැන සමාජය ගැන කැක්කුමක් නැති කොට අපි කොහොමත් උන්ට කඩේ යන්නේ නෑ. හීනවලට කඩේ ගිහින් වල්මත් වෙන්නත් අපි හීන ලෝකවල රජ වෙන්න පිඹුරුපත් හදන බිබික්කන් තාරුණ්‍ය නෙමේ, අපි යනවා කඩේ හැබැයි ඒ දුක් විඳින මනුස්සකම වෙනුවෙන්. සැබෑම නිදහස වෙනුවෙන්. අරුත්බර තාරුණ්‍ය වෙනුවෙන්. සිස්ටම් නැති සමාජයක් වෙනුවෙන්" ඔය උන් බැඳපු උත්තර.
ඕකයි උන්ගේ කතාව. උන් දිනාවි තරුණකම. කුඩු කරාවී සිස්ටම් එක. ඒ විශ්වාසය නිසයි අපි කවුරුත් උන් වෙනුවෙන් අකුරු ගැළපුවේ. උන්ගේ අට්ටාලයෙන් නැඟිටලා එද්දී එක දෙයක් අපිත් කිව්වා. සටන් කරන්න ඔළු පණ තියෙන කශේරුකා; වෙන්න බැරි දෙයක් වෙනකන් සටන් කරන කොට පිස්සෝ නැත්නම් නරුමයෝ තව නොයෙක් ආකාරයේ නම් අමුණා වී නැත්නම් උන්ව එල්ල වී හැබැයි උන් හින්දා සිස්ටම් කුඩු වෙනවාමයි කියලා...
උන්ට සුබ පැතුවේ උන් අනුන්ගේ බෙරයට නටන්නේ නැතිව නැටවෙන්නේ නැතිව උන්ගේම වන්නමක් හොයන නිසා... ජය ශ්‍රී .
හර්ෂ සේනානායක

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos