-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිරෝෂා මට හමුවුණේ බම්බලපිටියේදී. ඇය නර්තනයේ යෙදෙන සමාජ ශාලාවේදී නෙවෙයි. මට ඇයත් සමඟ ආදරේ සම්බන්ධව දීර්ඝව කතා කරන්න වුවමනා වුණා. මාධ්‍ය හරහා මුළු රටම නයෙක් ගැන කතා කරද්දි මමත්, ඇයත්, බම්බලපිටිය මුහුදු වෙරළ පෙනෙන දුරින් ආදරේ ගැන අපි කතා කරන්න පටන් ගත්තා. සමහර දේවල් පිළිබඳ ඇය සවිඥානික නැහැ. නමුත් ඇය දැඩිව ආදරය අපේක්ෂා කළා. ඇය සමඟ සිටි කිසිදු පිරිමියෙක් ඇයට ආදරය නොකළ බව ඇය ප්‍රකාශ කළා. නමුත් මේ මොහොතේ ඇය ඇයගේම කුසින් දරුවෙක් ප්‍රසූත කරලා. ඇය ආධ්‍යාත්මිකවත්, ශාරීරිකවත් වෙනස් වෙන්න පටන් අරන්. අපේ රටේ මාධ්‍යයට අම්මා කිව්වම මාර්කට් එක අඩු නිසා තවමත් ඇයට කියන්නේ නයි නළඟන කියලා. හොඳින් මතක තියා ගන්න. තාත්තා කෙනෙක් නොමැතිව දරුවෙක් හදන්න ඇයට ආත්මශක්තියත් ආදරයත් ඕනෑවටත් වැඩිය තියෙනවා. ඇයට දැන් කිරි උනනවා ඒ ඇය දැන් අම්ම කෙනෙක් නිසා.

නයි නළඟන ලෙසින් ප්‍රකට වූ දන්තුරේ නිරෝෂා විමලරත්න පසුගියදා අනුරාධපුර මහ රෝහලේදී පුතකු වැදුවාය. 'ඇගේ පුතුගේ සිතිවිලි' ලෙසින් ජයන්ත සුබසිංහ මහතා ඔහුගේ ෆේස් බුක් ගිණුමට පහත කවිය එක්කර තිබිණ.


සිවු අපායෙන් මිදි මිනිස් බවයක් ලදිමි
ගවු ගණන් දුර ගෙවා දිනන මාවත ලැබීමි
මවු කුසේ රැකවරණ නොලද කළලද දකිමි
ඔහු මෙලොව පෙම්වත්ම අම්මාට පුතෙක් වීමි

නගර සෝබනියක්ලු බොහෝ අය කියනවා
දඟර දානා කොල්ලෝ දහවලේ බනිනවා
උඹ හිතින් අඬන හැටි අම්මේ මට ඇහෙනවා
උඹට මම මට උඹව රත්තරන් වටිනවා

ගන්ට මේ දුක් ගොන්න කෙනෙක් නෑ සොයාපන්
කන්ට මොකවත් දෙන්ට එකෙක් නෑ බලාපන්
උන්ට උඹ බඩුවක්ව ක්ලබ් එකේ නටාපන්
ඉන්ට එන එකෙකුටම නවතින්ට කියාපන්

නොදිරවන වස විසක් වමනේ කරනවා වගේ
උදුරවා මවු කුසෙන් අයින් කරනා රඟේ
එහෙවු උන්ටත් මවුය කියන උන් නැත හිඟේ
උතුම් ගැහැනියක් ඔය මා වැදූ මවු මගේ

උප්පැන්නේ අප්පා නෑ හෙණගසා ගියායෙන්
උප්පත්තියක් තිබේ කාගේ හෝ නියායෙන්
රූපවාහිනි හා පත්තරේ කවරයෙන්
වෙබ් පිටුත් පුරවලා නයි අදින නියායෙන්

නයාගෙන් නුඹ හම්බ කර ඇත්තේ සොච්චමයි
ඔයාගෙන් නයා ගැන මීඩියා ඔච්චමයි
දැන් උන්ගේ ප්‍රවූර්තියේ නයි පැටියා මං තමයි
නයි නටවනා එවුන් බැලුවාම උන් තමයි
කවිය - ජයන්ත සුබසිංහ...

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos