-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) විසින් සිදුකරන පළමු තොරතුරු තාක්ෂණ උද්‍යාන ව්‍යාපෘතිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය ආසන්නයේ අක්කර 13 ක පමණ භූමියක ලබන මාසයේදී පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එහි ප්‍රධානී, අනූෂ පැල්පිට මහතා අප සමග පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට මහතා කියා සිටියේ මෙම තොරතුරු තාක්ෂණික උද්‍යානය, තොරතුරු තාක්ෂණ (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලී බාහිරකරණ (BPO) සමාගම් සඳහා කල්බදු ක්‍රමයට ලබාදීමට සැලසුම් කර තිබෙන බවයි.
“මෙහි ඉදිකිරීම් කිරීමට අපි දේශීය කොන්ත්‍රාත් කරුවෙකු තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට ඉදිරියේදී ඉදිකිරීම් ඇරඹීමට ටෙන්ඩරය ලබාදෙනවා. මෙම උද්‍යානය දළ වශයෙන් වර්ග අඩි 200,000 කින් පමණ යුක්තයි.“
යනුවෙන් පැල්පිට මහතා කීය.
මෙම උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කළ පසුව මාස 24 කින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 03 ක් පමණ වේ.
“මේ වනවිටත් සමාගම් රැසක්ම සිය ව්‍යාපාරික කටයුතු මෙම උද්‍යානයේ ස්ථාපිත කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.“
යනුවෙන් පැල්පිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මේ වනවිට කොළඹ, නෙළුම් කුළුණ ව්‍යාපෘතියද ආරම්භ කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos