-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ආලෝකයේ වේගය ඉක්මවිය හැකි අභ්‍යවකාශ යානයක සැලසුමක් සකස් කිරීමට නාසා විද්‍යාඥ හැරල්ඞ් වයිට් සහ ප‍්‍රවීණ ග‍්‍රැෆික් ශිල්පී  ඕලන්ද ජාතික මාක් රාඩමේකර් විසින් සමත්ව ඇතැයි වාර්තා වේ.
නාසා ආයතනයෙහි වක‍්‍රතා ධාවක යානයක් සඳහා සැලසුම ලෙසින් මෙය නම් කර ඇති අතර එහි කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇතැයි පැවසේ.
නාසා ආයතනයේ භෞතික විද්‍යාඥයකු වන වයිට් විසින් ආලෝකයේ වේගය ඉක්මවිය හැකි ප‍්‍රචාලන සංකල්පයක් පිළිබඳව වසර ගණනාවක් පුරා අධ්‍යනය කර තිබේ.
2011දී පමණ ඔහු ප‍්‍රචාලන සංකල්පය යථාර්ථයක් බවට පත්කළ හැකි බව න්‍යායිකව තහවුරු කිරීම සමග ජාත්‍යන්තර අවධානයට ලක්විය.
ස්ටාර් ටෙ‍්‍රක් කථා මාලාවට සමාන ග‍්‍රැෆික් නිර්මාණයන් වලින් ප‍්‍රසිද්ධියට පත්වූ රාඩමේකර් පවසා ඇත්තේ වයිට්ගේ සංකල්පය සැලසුමක් බවට පත්කිරීම සඳහා තමන් මෙය භාරගත් බවයි.
වයිට්ගේ පර්යේෂණයන් අධ්‍යනය කළ ඔහු වක‍්‍රතා බුබුළක් නිර්මාණය කිරීම සඳහා දැවැන්ත වළලූ 2ක මධ්‍යයේ පිහිටන සුමට යානාවක් සැලසුම් කර තිබේ.
මෙම තාක්ණයේදී යානයට පසුපසින් ඇති හිස් අවකාශය වේගවත් ලෙස ප‍්‍රසාරණය කෙරෙන අතර එමගින් ජනනය වන තල්ලූව මගින් ආලෝකයේ වේගය පහසුවෙන් ඉක්මවිය හැකි බව පර්යේෂකයන් පවසති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos