-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එල්.ටී.ටී.ඊ. හිර කඳවුරු ඇතුළෙ කලබලයක්. සාමාන්‍යයෙන් එල්.ටී.ටී.ඊ. එකේ ක්‍රියාකලාපය ගැන, නායකත්වයෙ ඉන්න අය ගැන දන්නව නං, හිතාගන්න පුළුවන් මේ සිද්ධියේ තියෙන බරපතළකම.

සාමාන්‍යයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධාන යේ ඉන්න නායකයො අතරින්, පොට්ටු අම්මාන් කියල කියන්නෙ එල්.ටී.ටී.ඊ. නායකය තරම්වත් සමාජයට නොඑන ජාතියෙ කෙනෙක්. රහසේ ඉන්න කෙනෙක්, අඩුම තරමෙ මහවිරු දිනය දවසෙවත් පොට්ටු අම්මාන් එළියට එන්නෙ නෑ. ඇත්තටම එල්.ටී.ටී.ඊ. එකේ ඉන්න සාමාන්‍ය මට්ටමේ නායකයෙක්ටවත් පොට්ටු අම්මාන්ව දකින්න ලැබිල නෑ. ඒ නිසා, මේ මනුස්සයාව දැක්කම එල්.ටී.ටී.ඊ.කාරයො බිරන්තට්ටු වෙලා ඉන්නෙ.


ඔව් දැන් මේ අපිව හොයාගෙන පොට්ටු අම්මාන් ආපු දවසෙත් එහෙමයි. ටැංගො 4 කඳවුරේ නායකය කැප්ටන් අලගන්. වෙන වෙලාවට හරි රෙස්පට් එකට ඉන්නෙ. ඒත් පොට්ටු අම්මාන් ආපු දවසෙ දකින්නවත් නෑ. එළියට එන්නෙත් නෑ. එබිල බලන්නෙ තල්ගස්වලට මුවා වෙලා. කතා කරන්නෙ බොහොම යටහත් පහත්ව. අලගන් විතරක් නෙවෙයි, තමිල් චෙල්වම්ල, කරිකාලන්ල පවා පොට්ටු අම්මාන් ළඟ දෙකට නැමිල ඉන්නෙ. අපිටත් හිතාගන්න බෑ මේ තරම්ම මොකද මේ මිනිහට බය කියල.
දැන් කොහොම හරි, බොහෝම බය පක්‍ෂපාත ඇතිව තමිල් චෙල්වම් කතාවක් පටන් ගත්ත.


'අද අපේ ඉහළ පෙළේ නායක පොට්ටු අම්මාන් ඇවිල්ල ඉන්නව උඹලව බලන්න. උඹලගෙ උපවාසෙ ගැන කතා කරගන්න. ඒකට උපදෙස් දෙන්න... එතුමා උඹලට කතා කරාවි. මේක කොහොමද කරන්නෙ කියල එයා කියාවි.'
අපිට තමිල් චෙල්වම්ගෙ කතාවට තද වෙලා හිටියෙ. අපිට උපවාස කරන්න මුංගෙන් උපදෙස් ඕන නෑ කියල අපි කතා වුණා. තමිල් චෙල්වම් කතාව ඉවර කරල පැත්තකට වුණා ඊළඟට පොට්ටු අම්මාන් පටන් ගත්ත.


මිනිහ ඔහෙ කියෙව්ව. කර්නල් තිලීපන් ගැන කිව්ව. එයා මැරුණ විදිය කිව්ව. උපවාසයක් කරනව නං කරන්න ඕන එහෙමයි කිව්ව.
ඔය අතරෙ අපේ හිටිය අමරසිංහ කියල කෙනෙක්. අමරසිංහ කෙළින්ම පොට්ටු අම්මාන්ගෙන් ඇහුව,
'දැන් මොකක්ද අපිට කරන්න කියල කියන්නෙ කියල...'
ඒක අපේ ගමගේ වීරවර්ධන කියන නිලධාරි මහත්තය දෙමළට පරිවර්තනය කළා. ඒ විදියට පොට්ටු අම්මාන්ට කතා කරපුවම පොඩ්ඩක් එල්.ටී.ටී.ඊ.කාරයො ගැස්සුණා. ඒත් පොට්ටු අමරසිංහට උත්තර දුන්න.
'උඹල කරන්න යන්නෙ මෝඩ වැඩක්. ඔක්කොම එකතු වෙලා මාරාන්තික උපවාසයක් කළාම ඔක්කොම මැරිල යනව විතරයි. ඒක උඹලට තේරෙන්නෙ නෑ. ඕනෑ නං දවස් තිහක් ඉඳී. ලංකාවෙ රජයෙන් උඹලව බේරගන්නෙ නැත්තං, උඹල ඔක්කොම මැරිල යනව. එහෙම වුණාම වැඩක් නෑ.


එක්කෙනා, එක්කෙනා කරපුවම එහෙම නෙවෙයි එකෙක් දවස් තිහක් හිටියා මැරුණ තව එකෙක් කළා දවස් හැටයි. එතකොට ඕක ගාණට දැන ගන්න ඕන අය දැන ගන්නව. ඊට පස්සෙ ඉතිරිවෙච්ච උංව බේර ගනී. එහෙම කරපල්ල' කියල.


පොට්ටු අම්මාන්ට ආයෙමත් උත්තර දුන්නෙ අපේ අමරසිංහ, අමරසිංහ මහත්තය එහෙම කතා කරයි කියල එල්.ටී.ටී.ඊ.කාරයො තියා අපිවත් හිතුවෙ නෑ. සමහර විට පොට්ටු අම්මාන්ගෙ ජීවිතේටම ඒ තරම්ම එඩිතරව මිනිහෙක් කතා කරලා නැතිව ඇති. එල්.ටී.ටී.ඊ.කාරයො ඔය තිලීපන්ට මහ පුදුම විදියට සලකනවනෙ. මිනිහා මාරාන්තික උපවාසයක් කරල මැරුණ කියල මහලොකුවට කියනව. ඒත් අපේ අමරසිංහ මැරුණෙ නැති නිසා අපි එයා ගැන කතා කරන්නෙ නෑ. අපි දන්නෙත් නෑ. ඒත් පොට්ටු අම්මාන් ඉස්සරහ අපේ අමරසිංහ කියපුව, ඒ විදියටම වුණා නං එයත් අද වීරයෙක් වේවි. අමරසිංහ පොට්ටු අම්මාන්ට කිව්ව,
'ඔයා වගකීම භාර ගන්නව නං මම උපවාසය කරනව... හැබැයි මාව මැරුණට පස්සෙ අනෙක් අයව යවන්න ඕන...
මම උපවාසෙ කරල මැරුණාම අනෙක් අයව ගෙදර යවනව කියල පොට්ටු අම්මාන් ලියුමක් දෙන්න, ඒක රතු කුරුසයටත් දෙන්න ඕන. එහෙම වුණොත් මම තනියම හෙට උපවාසෙ පටන් ගන්නව කිව්ව.'


අපේ අමරසිංහ අපි වෙනුවෙන් මැරෙන්න ලෑස්තියි කිව්ව. එල්.ටී.ටී.ඊ.කාරයන්ට හිතාගන්නවත් බැරි වෙන්න ඇති. පොට්ටු අම්මාන්ට මේක ඇහුවම යකා නැග්ගා. පොට්ටු කිව්ව, 'උඹල පුතාල දැනගනිල්ල, තොපි තොපෙ ඔළුව උදුම්ම ගන්න එපා, මං වගේ එකෙක් තොපි වගේ උංගෙ ළඟට එන්නෙ නෑ...
තොපි මං කවුද කියල දන්නවනෙ. එක එක කතා කියන්නෙ නැතිව හොඳට කල්පනා කරල බලපල්ල, කියල. ඊට පස්සෙ තමිල් චෙල්වම්ට කතා කරල කිව්ව
'මුංට තේරුම් කරල දීපල්ල...'


එහෙම කියල පොට්ටු අම්මාන් එළියට ගියා. ඊට පස්සෙ ආයෙත් වතාවක් තමිල් චෙල්වම් කතාව පටන් ගත්ත.
'උඹල මාරාන්තික උපවාසයක් කරනව නම් ඒක ලංකාවෙ රජයට දැනගන්න කරන්න ඕන. නැත්තන් කවුද උඹලව බේරගන්නෙ? අපි අපේ පත්තරවල, ටී.වී. එකේ උඹලගෙ උපවාසෙ ප්‍රසිද්ධ කරනව.
ඒකයි මේ උඹලට තේරෙන්න කියන්නෙ. නිකං මැරිල යන්න එපා. උඹල ඔය විදියට කරපුවම ඔක්කොම මැරෙනව. දවස් තිහක් විතර යයි. එතකොට මේක ප්‍රසිද්ධ වෙලා නෑ. ඒකයි මේ කියන්නෙ, කියල. ඊට පස්සෙ ආයෙමත් පොට්ටු අම්මාන් කඩාගෙන ඇතුළට ආව. ඇවිත් ඇහුව
'දැන් මොකද උඹල කියන්නෙ කියල.'


අපේ අමරසිංහ කිව්වා.
'මම කිව්ව කතාවට මොකද උඹල කියන්නෙ කියල...'
ඒකට පොට්ටු අම්මාන් කැමැති නෑ. මිනිහගෙ ලියුමක් දෙන්න බැරිනං, අපි මිනිහට ඕන විදියට නටන්නෙ නෑ කියල අපි කිව්ව. උඹල අපිට සැලකුවෙ සත්තුන්ට වගේ, තිරිසනුන්ට වගේ කියල අපි කිව්ව. මෙච්චර කාලෙකට අපිට හරියට කන්න දුන්නෙ නෑ. ඇඳුමක් දුන්නෙ නෑ, නාන්න දුන්නෙ නෑ. අඩුම තරමෙ වතුර ටිකක්, ලෙඩක් හැදුණම බෙහෙත් ටිකක් දුන්නෙ නෑ කිව්ව. එහෙම කරපු උඹල කියන ඒව අපි අහන්නෙ නෑ කිව්ව.
එල්.ටී.ටී.ඊ. එකේ පොඩි පොඩි අය බයවෙලා බලාගෙන හිටිය. මෙතැන ඊළඟට මොකක් වෙයිද කියල. ටැංගො 4 කෑම්ප් එකේ ලොක්ක අලගන් ජනේලෙකින් බලාගෙන හිටියා පොට්ටු අම්මාන් උඹට ලොකු වුණාට අපිට ලොකු නෑ කියන තැන අපි හැමෝම හිටියෙ. අපි එක එක ඒව කියවන්න ගත්තම, පොට්ටු අම්මාන් ආපහු හැරිල ගියා. ඒ පිටිපස්සෙන් අනෙක් අයත් ඔක්කෝම යන්න ගියා. අපිව ආයෙමත් කූඩුවට දැම්ම.
'අපි හෙට උපවාසෙ පටන්ගන්නව...'


අපේ හිටිය උපවාස සැලසුම් කරන්න කමිටුවක්. ඒ කමිටුව තීරණයක් ගත්ත උපවාසෙ කරන්න. ඒ කියන්නෙ මේ තමයි අපි අන්තිමට කෑම කන දවස. සමහර විට අපි මැරිල යාවි. අපි කාලයක් තිස්සෙ උපවාසයක් කරන්න සැලැසුම් කළා. අපි අතරත් විවිධ අදහස් තිබුණා. අන්තිමටම තමයි අපි එකඟතාවකට ආවෙ. මේක කරන්න දැං ඔක්කොම හරි. ඒ තීරණත් ස්ථිරයි. පොට්ටු අම්මාන්ල අපි ළඟින් යනකොට රෑ එකොළහ හමාරට විතර ඇති. රැ ‍ෙදාළහ හමාර විතර වෙනකොට අපිට කෑම ගෙනාව වෙනද වගේ නෙවෙයි. එදා ගෙනාවෙ බුරියානි. කජු එහෙම දාල හොඳටම හදල තිබුණ. රෝස් කුකුළු මස්, ලොකු පළු පිටින් ගෙනත් තිබුණ. සමහර විට මේක කලින්ම සූදානම් කරල තියෙන්න ඇති. මොකද මේක අපේ අන්තිම කෑම වේලනෙ. සමහර විට මේක ජීවිතේට කන අන්තිම කෑමවෙල වෙන්නත් පුළුවන්.
සමහර අය ඒ කෑම කෑවෙ නෑ. සමහරු නොකාම නිදා ගත්ත. සමහරු ඔහෙ ටිකක් බඩ ගින්නට කෑව. සමහරු හොඳට කෑව. දවස් කීපයකටම ඇති වෙන්න කියල. කොහොම හරි එදා රෑ සමහරුන්ට කන්න හිතක් තිබුණෙ නෑ.
'හෙට ඉඳං අපි කෑම කන්නෙ නෑ.'


ඔක්කොම කෙළවර වෙන්නෙ මෙතැනින්. ගෙවල් මතක් වුණා. දරුවො මතක් වුණා. අම්මල තාත්තල මතක් වුණා. දැං තීරණාත්මක තැනක අපි ඉන්නෙ. හෙටින් පස්සෙ තීරණය වෙනව.
අපි මැරෙනවද?
අපි නිදහස් වෙනවද?
ජීවන පහන් තිළිණ
ප්‍රේමලාල් විජේරත්න

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos