-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔස්ටි‍්‍රයාව හා අසල්වැසි රටවල් කිහිපයකට ඉහළ අහසේදී ගුවන් යානා රේඩාර් තිරයෙන් අතුරුදන්වීමේ සිදුවීම් වාර්තා වී තිබේ.
ඔස්ටි‍්‍රයානු ගුවන් ආරක්ෂණ මධ්‍යස්ථානයේ මාකස් පොහාන්කා පවසා ඇත්තේ ජුනි 5 සහ ජුනි 10 යන දෙදන තුළ අවස්ථා 2කදී විනාඩි 25ක් පුරා මෙම තත්වය පැවති බවයි.
මාධ්‍ය අමතමින් මේ කාලසීමාව තුළදී අතුරුදන්වූ ගුවන් යානා 13ක විස්තර ප‍්‍රසිද්ධියට පත් කළ ඔහු මෙය අසාමාන්‍ය තත්වයක් බවද දක්වා තිබේ.
මේ අතර මේ හා සමාන සිදුවීම් අසල්වැසි ජර්මනියේ මියුනිච් සහ කාල්ස්රුහි ගුවන් පරිපාලකයන්ටද චෙක් ජනරජයේ ප‍්‍රාග් නුවර ගුවන් පරිපාලකයන්ටද මුහුණ දීමට සිදුව ඇතැයි පැවසේ.
මෙසේ අතුරුදන්වූ යානා කිසිවක් අනතුරුදායක තත්වයන්ට මුහුණදී නැති අතර අවස්ථා දෙකෙහිදීම අමතර කාර්යමණ්ඩලයක් කැඳවමින් බාහිර සහයෝගය මගින් තත්වය යථා තත්වයට පත්ව තිබේ.
මේ තත්වයන්ට මුහුණ දුන් ගුවන් යානා හෝ ඒවා අයත් ගුවන් සේවයන් හෝ මාකස් පොහාන්ක් විසින් අනාවරණය කර නැතැයිද වාර්තා වේ.
කෙසේවෙතත් ඔහු පවසා ඇත්තේ ඉන් සමහරක් ඉහළ උන්නතාංශයක ගමන් කරන මගී ප‍්‍රවාහන ජෙට් යානා කිහිපයක් විය හැකි බවයි.
මෙම සිදුවීම් පිළිබඳව යුරෝපීය ගුවන් ආරක්ෂණ ආයතනය විසින් විමර්ශනය කරනු ඇත.
නම් හෙළි නොකළ විශේෂඥයකු පවසා ඇත්තේ ගුවන් යානාවල ඇති සංඥා පම්පේෂෂකයන් හා පොළව අතර සිදුවන යම් බලපෑමක් විසින් මෙය සිදුවිය හැකි බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos