-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය මුදලට ගණිකාවන් අලෙවි කිරීමේ ස්‌ථානයක්‌ වැටලූ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් එහි කළමනාකාරවරිය සහ ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකකරන තරුණ කාන්තාවෝ සිව්දෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබූහ.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක හර්ෂ ද සිල්වා මහතා විසින් අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවියට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබා ගත් සෝදිසි වරෙන්තුවක්‌ මත අනුරාධපුර කඩ 50 වෙළෙඳ සංකීර්ණය ප්‍රදේශයේ පිහිටි එම සම්භාහන මධ්‍යස්‌ථානය වටලනු ලැබීය.


Video: Click Here

පොලිස්‌ නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදවා ගණිකා සේවයේ යෙදීම සඳහා මුදලට කාන්තාවක ලබා ගනිමින් සිටියදී විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකොට ඇත.

එම සම්භාහන මධ්‍යස්‌ථානය ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇතත්, පොලිසිය එය වටලන අවස්‌ථාවේ කිසිදු ආයුර්වේද වෛද්‍යවරයකු එහි නොසිටි බව පොලිසිය පවසයි.

එම සම්භාහන මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය හිමිකරු අනුරාධපුර නගරයේ සංයුක්‌ත වීඩියෝ තැටි හල් දෙකක්‌ පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර ඔහු කඩවත, කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.


Video: Click Here

පොලිසිය එම ස්‌ථානය වටලන ලද බවට දැනගැනීමෙන් අනතුරුව එහි හිමිකරු බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අනුරාධපුර ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

එම සම්භාහන මධ්‍යස්‌ථානයට පැමිණෙන පුද්ගලයන්ට වරකට රුපියල් පන්දහස සහ දසදහස බැගින් මුදල් අයකොට කාන්තාවන් සපයා ඇති බවටද පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණ කාන්තාවන් ගල්ගමුව, පිළියන්දල, කහටගස්‌දිගිලිය, මිහින්තලේ හා ගල්නෑව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 හා 29 වයසේ පසුවන්නියන් බවද අනාවරණය වී ඇත.

එම සම්භාහන මධ්‍යස්‌ථානය වැටලූ අවස්‌ථාවේ එහි තිබී උපත් පාලන කොපු, ව්‍යාජ ලිපි ලේඛන, හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍රයක්‌ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාගේ උපදෙස්‌ හා අධීක්‍ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක හර්ෂ ද සිල්වා, සැරයන්වරුන් වන විඡේසිංහ (26852), හේරත් (48319), දිසානායක (57360), කොස්‌තාපල්වරුන් වන දිසානායක (32211), සේනාරත්න (33913), කීරවැල්ල (32236), දිසානායක (34416), අරවින්ද (61334), සුජීව (48270), තෙන්නකෝන් (68494), අබේසිංහ (69016), හේරත් (51602) සහ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් සමන්තිකා (2257) යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.


Video: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos