-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කාන්තාවකට අතවර කිරීම සඳහා මහ රෑ නිවෙසකට ඇතුළු වූ තිදෙනකුගෙන් එක් අයකු අල්ලා දීමට ගෙහිමියා සමත් වීම නිසා සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට කුරුවිට පොලිසියට හැකිවී තිබේ.

තම දියණියන් තිදෙනා සහ බිරිය ද සමඟ එකම ස්ථානයක නිදාගෙන සිටියදී මහ රෑ දියණියගේ කෑගැසීම නිසා අවදිවූ ගෙහිමියා දැක ඇත්තේ යම් අයකු තම දියණියගේ කට තදින් මිරිකාගෙන සිටින බවය. මෙහිදී කලබලයට පත් ගෙහිමියා සහ බිරිය මෙම පුද්ගලයා අල්ලා මෙල්ල කර ගනිමින් පසුව පොලිසියට භාර දී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සමඟ තවත් දෙදෙනකු පැමිණි බව පොලිසිය හෙළිකරගෙන ඇත. සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදාවෙන් පැනගිය අයකු බවත් සහායකයන් දෙදෙනා පරකඩුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් සොයා ගෙන ඇත. ගෙහිමියාගේ අත සපා කා පැන යෑමට සැකකරු උත්සාහ දැරීම නිසා තුවාලලත් ගෙහිමියා ඇහැලියගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු බන්ධනාගාර ගත කරන ලද බවද කුරුවිට පොලිසිය කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos