-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


හලෝ අමීෂා ගුඩ් මෝනිං. අපි මරු ඊඍ එකේ ලොරි ටෝක් ප්‍රෝග්‍රෑම් එකෙන්. මේක අලුත් ප්‍රෝග්‍රෑම් එකක්. අලුතෙන් පටන් ගන්න ඊඍ චැනල් එකකට.

තවත් ටීවී චැනල් පටන් ගන්නවාද? ඔය හැම චැනල් එකක්ම බලන්න මිනිසුන්ට වෙලා තියෙනවද? මොකක්ද චැනල් එකේ නම කිව්වේ?
මරු ඊඍ

මරු නම... මොකක්ද ප්‍රෝග්‍රෑම් එකේ නම?
ලොරි ටෝක්. ඉන්දියාවෙ මේ ප්‍රෝග්‍රෑම් එක 'නා කුචි තාහේ' කියල ප්‍රචාරය වෙනවා. ඒකත් දැන් ගොඩක් ප්‍රසිද්ධයි.

ආ... එහෙමද ඉතින් ඇයි මල්ලි කතා කළේ?
ලොරි ටෝක් ප්‍රෝග්‍රෑම් එකට හා හා පුරා කියලා ඔයාව ගෙන්නන්න අපි තීරණය කළා. ඒකේ ට්‍රේලර් එකට පොඩි ඕඩියෝ කට් දෙක තුනක් ඕනෙ.

කවද්ද මල්ලි ප්‍රෝග්‍රෑම් එක ෂූට් කරන්නේ..?
තාම චැනල් එක පටන් ගත්තෙත් නෑනේ. අක්කට ෆී්‍ර දවසක් දාගමු.

ඒක හොඳයි. දැන් කොහොමද ඕඩියෝ රෙකෝඩින් එක ගන්නෙ?
මෙහෙමයි මම ප්‍රශ්න අහනව. ඔයා ඒවට අතිනුත් දාල, බොරුත් එකතු කරල කියන්න.
අපෝ... මට බොරු කියන්න බෑනෙ.

ඔය කිව්වෙ නියම බොරුවක්. හරි මම රෙකෝඩින් දානව. 5... 4... 3... 2... 1... රෙකෝඩින්... මේ දවස්වල මොනවද කරන්නෙ?
ම්... මම කරන් ජොහාර්ගෙ කබි අල්විදා මූවි එකේ ෂූටින් ඊයේ ඉවර කළා. තව මගෙ අලුත් ටෙලිනාට්‍ය 5ක් ඉදිරියෙ විකාශය වීමට තියෙනව.

කටකතාවක් පැතිර යනව ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් එක්ක රණ්ඩු වුණාලු ඔබව බෙදාගන්න බැරුව?
ඒ දෙන්න විතරද? අමීර් ඛාන්... එතකොට අර වයසක බච්චන් එහෙමත් හෝ ගාල ට්‍රයි කරන්න පටන් ගත්තනේ මට.

එතකොට අර ප්‍රියංකා චොප්රා එක්ක ගහගත්තෙ ඇයි?
ෂූටින් අතරතුරේ මම බොම්බෙ බසාර් එකෙන් දියමන්ති මාලයක් ගත්ත රුපියල් ලක්‍ෂ දෙකකට. එයා කියනවා ඒ මාලේ තියෙන්නෙ දියමන්ති නෙවෙයිලු. වීදුරු කටුලු.

දෙන්න එපැයි දත් ඇන්ද බඩට යන්න. මෙච්චර වටින මාලෙකට එහෙම කියනවද?
දැන් එයාට වැඩ නෑ මල්ලි. ළඟ තිබුණු රේන්ජ් රෝවර් එකත් සල්ලි නැතිව ළඟදී වික්කා. හිතේ අමාරුවට කියන කතානේ..
එළ... එළ... රෙකෝඩින් එක මරුවට ආව. මම එඩිට් කරලා මාස්ටර් එකේ කොපියක් එවන්නම්. චැනල් එක පටන් ගන්න දවසේ ඉඳල ට්‍රේලර් එක යනවා.
හරි මල්ලි... මොනවහරි තිබ්බොත් කතා කරන්න. බායි...
මේ පාර නම් අපි අහුවුණාද එයා අහුවුණාද කියල දෙයියො තමයි දන්නෙ. නරකම නෑ නේද අමීෂාගෙ ලොරි ටෝක් ටික.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos