වාරියපොළ නගරයේදී පසුගියදා (16) තරුණයකුට පහරදුන් තරුණිය ඊයේ (27) පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීමට වාරියපොළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම තරුණිය මානසික ආබාධයකින් පෙළෙන බවට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.
ඒ අනුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කර ඇත.
මානසික තත්ත්වය පරීක්ෂා කර වාර්තාවක් සමඟ සැකකාරිය අද (28) යළිත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබේ.
පසුගිය 16 වැනිදා වාරියපොළ නගර මධ්‍යයේදී වාරියපොළ පදිංචි තිළිණි ඉමල්කා නමැති 21ක් හැවිරිදි තරුණිය වාරියපොළ පදිංචි රොබට් සසංකලාගේ චන්ද්‍රකුමාර නමැති 30 හැවිරිදි තරණයාට පහරදී ඇත.
ඔහු රෝහලට ඇතුල් වී ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර පොලිසියට සිද්ධිය පිළිබඳ පැමිණිලි කර තිබුණේ පසුගිය 22 වැනිදා බව පැවසේ.
එම පැමිණිල්ලට අනුව පහරදීම සිදු කළ බව කියන තරුණිය ඊයේ (27) වාරියපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම පහරදීමේ සිද්ධිය යම් පුද්ගලයකු වීඩියෝ ගත කර ඇත. එය අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ එම වීඩියෝ පටය පරීක්ෂණ අංශවල පරීක්ෂණවලටද අදාළ කරගෙන ඇති බවයි.
සැකකාර තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අදාළ තරුණයා ඇයට විහිළු කළ බවත් ඉන් ඇතිවූ කෝපය මත පහරදීම සිදු කළ බවත්ය