-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

උමතු විශ්වාසය චිත්‍රපටයට, එඩී ජයමාන්න විසින් "කොලොම්පුරේ ශ්‍රියා.... කොලොම්පුරේ ශ්‍රියා" ගීතය ගායනා කරන කාලයේ, කොළඹ නගරය ලෝකයේම සැලසුම් සහගත නගරවලින් එකක්‌ බවට පත්වී තිබිණි.

පිටකොටුව ද මේ අනේ
කඩ සාප්පු බොහො තිබේ
පාර මැද්දේ පීලි උඩින්
ට්‍රෑම් කාර් යනවානේ......

ආදී ලෙසින් එඩී ජයමාන්න වර්ණනා කරන්නේ කොළඹ අලංකාරය ය. පසු කාලයේදී "කොලොම්පුරේ ශ්‍රියා" යන වාක්‍ය ඛණ්‌ඩය භාවිත වූයේ, කොළඹ තිබූ අපිළිවෙළට අපිරිසිදුකමට සරදම් කරන්නටය.

පිටකොටුවේ කුණු ගොඩවල්වල පිංතූර පත්තරවල ලොකුවට පළ වූයේ, "කොළොම්පුරේ ශ්‍රියා"යන හෙඩින් යටතේය.

ඒ කොළොම්පුරේ ශ්‍රියා... යන්න සරදමට නොව ඇත්තටම කිව හැකි කාලයක්‌ එනු ඇතැයි නොසිතුණද, දැන් යළිත් එවන් කාලයක්‌ පැමිණ තිබේ. පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනයේ යෙදෙන කවුරුත්. 'ආණ්‌ඩුව කරපු නියම වැඩක්‌...' ලෙස ප්‍රශංසාවට භාජනය කරන කොළඹ අලංකරණ ව්‍යාපෘතිය අයත් වන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වය මතය.

"ගෝඨාභය මහත්තයා අත තිබ්බොත් වැඩේ හරි යෑයි සාමාන්‍ය ජනයා කියන්නට පෙළැඹී ඇත්තේ, ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය සේම, කොළඹ හැදීමේ යුද්ධය ද ආරක්‍ෂක ලේකම්වරයා "තිතට" ක්‍රියාවේ යොදවන නිසාය. ඒ අතරින් අප අද කතා කරන්නේ, කොළඹ ලෙස බොහෝ දෙනා හඳුන්වන පිටකොටුවේ දියත් කරන ලද අලංකරණ මාදිලියක්‌ පිළිබඳවය. කොටුව, පිටකොටුව ප්‍රධාන දුම්රියපළ හා බැස්‌ටියන් මාවත කේන්ද්‍ර කර ගනිමින් දියත් වූ මෙම වැඩපිළිවෙළ, එහි යන එන ජනයා දැනටමත් පුදුමයට පත් කර තිබේ. බැස්‌ටියන්ස්‌ මාවතේ බස්‌ නැවතුම්පළ අසලින් එදා ගිය මගීන් එහි විනාඩි කිහිපයක්‌ හෝ ගෙව්වේ නාසය හකුළුවාගෙන ආයාසයෙන්ය. එක්‌ පැත්තකින් කුණු ගඳ හා මුත්‍රා ගඳය. අනෙක්‌ පැත්තෙන් ඇස, ගත වෙහෙස කරන දුහුවිලි සහිත ගෙන්දගම් පරිසරයය. ඒ සියල්ල පැත්තකට කර දමා මැජික්‌ සෙල්ලමක්‌ සේa පිටකොටුවේ බැස්‌ටියන් මාවත අයිනේ, මනරම් වැව් තෙරක්‌ අසල අලංකාර කඩ සාප්පු සංකීර්ණයක්‌ ඉදිවී තිබේ.


එදා කළු වී, දූවිලි පිරී තිබූ පෙට්‌ටි කඩ පේළියේ අප්‍රසන්න දර්ශනය වෙනුවට, තිරයක්‌ හැරියා සේ අද එළි දැක ඇත්තේ, අලංකාරවත් උද්‍යානයක්‌ බඳු තලාවකි. ඒ මනස්‌කාන්ත බව "වෙනස්‌ වන කොළඹ" නගර සැලැස්‌ම අනුව ක්‍රියාවට නංවමින් තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්ය. මෙහි කඩ සාප්පු අනූ දෙකකින් සමන්විත වේ. භූමිය බිමට ඇල්ලූ මනරම් ගල්, අරලිය ගස්‌ යාය, මනා ලෙස ගෘහ නිර්මාණශීලීත්වයෙන් හැඩ කර තිබේ. "මෙතැන වැවක්‌ තිබුණාද..." බොහෝ දෙනා අසන්නේ ඒ තරම්ම නරක ලෙස කොළඹ නගරය පෙර කාලයේදී කාබාසිනියා කර තිබුණු ආකාරය ගැන උදාහරණ සපයමිනි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී මේ බිමට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණෙන විට එය ජරාජීර්ණ ගොහොරුවකි. අද තිබෙන තත්ත්වයට එය ගෙන ඒම සඳහා ආරක්‍ෂක ලේකම්වරයාගේ නායකත්වයෙන් අලුත් බළකායක්‌ මෙහෙයුම ආරම්භ කළේය. නාගරික සංවර්ධන අධිකාරිය යන්න බෝඩ් ලෑල්ලක්‌ වී තිබූ යුගය නිමාකර මින් දැන් වැඩ පටන්ගෙන තිබේ. එහි සභාපති නිමල් සිල්වා, අධ්‍යක්‍ෂ ජනරාල් නිහාල් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දරගේ, ක්‍ෂේත්‍ර නායකත්වය යටතේ බැස්‌ටියන් මාවත ප්‍රදේශය අද "යන්නට ආස හිතෙන පැත්තක්‌" බවට පත්ව තිබේ. කඩ කාමර අනූ දෙකට අමතරව පාවෙන වෙළෙඳසල් යායක්‌ ද මෙම නිර්මාණයට අඩංගුය. මෙහි වාස්‌තු නිර්මාණ අදහස හා සැලසුම එහි නිර්මාණ අංශය හාර වරලත් වාස්‌තු විද්‍යාඥ තුෂාරි කාරියවසම් මහත්මියගේය. ඇය විසින් තම හිතේ මැවුණු සැලසුම, දූවිලි, කුණු ආදියෙන් වනගත කර අපායක්‌ සේ දිස්‌වුණු බිම් තීරයක්‌, සොඳුරු පුරවරයක්‌ බවට පත් කර තිබේ.

"පිටකොටුවේ ගියොත් කෑම කන්න එපා" යන ජන කියමන ඇතිවී තිබෙන්නේ, එතරම් අපිරිසිදු ආහාරපාන වෙළෙ¹මක්‌ මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නිසාය ඒ වෙනුවට බැස්‌aටියන් මාවතේ නව ඉදිකිරීම් යටතේ පාවෙන භෝජනාගාරයක සිට මිහිරි ආහාර වේලක රසවිඳින්නට තව ටික දිනකින් ජනතාවට අවස්‌ථාව ලැබෙනු ඇත. දේශීය නිෂ්පාදන අලෙවිසල් සඳහා මෙහි වැඩිපුර ඉඩක්‌ ලබාදී ඇති අතර, පාවෙන වෙළෙඳපොළවල් තිබෙන වියට්‌නාමය, තායිලන්තය සේම නැවුම් පලතුරු, කිරි පැණි ආදිය ද මෙම වෙළඳසල්වලදී ජනතාවට මිලදී ගත හැකිවනු ඇත.

වැටවල් ගසා, ගේට්‌ටු දමා කරදරකාරී වෙළෙඳ සංකීර්ණයක්‌ වෙනුවට නිදහස්‌ එළිමහනේ වාඩි වී සිට, සිරි විඳමින් තමන්ගේ විඩාව නිවා ගැනීම සඳහා උද්‍යානයක්‌ ද මෙම සංකීර්ණයේ ඉදිකර ඇති අතර එම ඉදිකිරීම්වල බර දරන්නේ වීරෝදාර හමුදාවන්ය. "හමුදාවට නිග්‍රහ කරමින් වැඩ ගන්නවා" යන අයගේ කටවල් පැසෙන සේ, අද ජනතාව මෙම ඉදිකිරීම්වලට ප්‍රශංසා කරන්නේ, "රටත් බේරාගෙන කොළඹත් හදලා දෙනවා" යන කෘතඥතා පූර්වක වචනයයි.

එදා පිටකොටුවට එනවා කිවූ ගමන් ඇඟට දැනුණ රශ්මිය, වෙහෙස, දූවිල්ල වෙනුවට අද බැස්‌ටියන් මාවත දුටු අයකුට කියෑවෙන්නේ "ආයෙත් පිටකොටුවට ගිහිල්ලා එමුද" කියාය. වෙනස ඒ තරම් ය.

ඔසිත අත්තනායක

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week