තම බිරිඳගේ ආබාධිත බාල වයස්කාර නැඟනිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් බරපතල ලෙස අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ප‍්‍රබල කොටි සාමාජිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දි කනකරත්නම් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ. අතවරයට පත් දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මන්නාරම - ඉලූප්පෙයිකඩවෙයි ප‍්‍රදේශයේ පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media