-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විගණන අංශයේ හිටපු විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පළාත්බද මහාධිකරණයෙන් බරපතළ සිර දඬුවම් නියමව බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටි විත්තිකරුවකු සිය ගුද මාර්ගයේ සඟවා ගෙන සිටියදී සිම් කාඩ් පහක් සහ හෙරොයින් පැකට් ‍ෙදාළහක් සොයා ගැනීමට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි තුෂිත උඩුවර මහතාගේ උපදෙස් මත ප්‍රධාන ජේලර් යූ.ජී.ඩබ්. තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට හැකි විය.

මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේද නඩුවක් පවතින අතර එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා ඔමර් ලෙබ්බේ මරික්කාර් නිලුපර් නමැති මෙම විත්තිකරු ඊයේ (14දා) බදුල්ල බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ආවේය.

 ඒ අතරතුර විත්තිකරු බදුල්ල බන්ධනාගාරයේ සිට රුපියල් විසිපන් දහසක් සඟවා ගෙන අනුරාධපුර බන්ධනාගාරයට පැමිණෙන බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි තුෂිත උඩුවර මහතාට ලද තොරතුරකට අනුව විත්තිකරු පරීක්‍ෂා කර තිබේ.

පසුව විත්තිකරු ගුද මාර්ගයේ යමක් ස¼ගවා ගෙන සිටින බව දැනගත් බන්ධනාගාර අධිකාරිවරයා ඔහු බන්ධනාගාර නිලධාරීන් මඟින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට යවා විරේක කර ගුද මාර්ගයේ සඟවා ගෙන තිබූ සිම් කාඩ් පහක් සහ හොරොයින් පැකට් 12ක් සොයා ගැනීමට සමත් වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අනුරාධපුර බන්ධනාගාර අධිකාරි තුෂිත උඩුවර මහතා කියා සිටියේ හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරු අනුරාධපුර පොලිසියට බාරදී එමඟින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos