දුම්රිය ප්‍රවේශපත් නොමැතිව ගමන් ගත් මගීන් 1209 ක් මාස 3 ක් තුළ හසු වී ඔවුන්ගෙන් රුපියල් තිස්‌ලක්‍ෂ අනූහයදහස් තුන්සිය හැට දෙකක දඩ මුදලක් අයකර ගැනීමට හැකි වී තිබේ.
මෙම වසරේ ජනවාරි මස සිට මාර්තු දක්‌වා කළ වැටලීම්වලදී පමණක් මෙවැනි විශාල දඩ මුදලක් අය වී ඇති අතර එය දුම්රිය ඉතිහාසයේ මාස 3 කට අය වූ විශාලම දඩ මුදල වෙයි. එයින් මාර්තු මාසය තුළ පමණක් ප්‍රවේශපත් නොමැතිව අත්අඩංගුවට ගත් මගීන් සංඛ්‍යාව 511 ක් වන අතර එයද වාර්තාගත ප්‍රමාණයකි.
කෙසේ නමුත් දුම්රිය සාමාන්‍ය පන්තිය හා ඉහළ පන්තියේ යන සියලුම මගීන් මෙම වංචාව සිදුකර ඇති අතර ඒ අනුව ජනවාරි මස සාමාන්‍ය පන්තියේ මගීන් 231 ක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් රුපියල් 5,96,545 ක්‌ද ඉහළ පන්තියේ මගීන් 172 ක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් රුපියල් 4,47,905 ක් ද අයකර ගෙන තිබේ. පෙබරවාරි මස සාමාන්‍ය පන්තියේ මගීන් 198 දෙනකුගෙන් රුපියල් 4,94,705 ක් ද ඉහළ පන්තියේ මගීන් 97 දෙනකුගෙන් රුපියල් 2,51,540 ක්‌ද දඩ අය කරගෙන ඇත. මාර්තු මස සාමාන්‍ය පන්ති මගීන් 342 දෙනකුගෙන් රුපියල් 8,85,560 ක්‌ද, ඉහළ පන්තියේ මගීන් 169 දෙනකුගෙන් රුපියල් 4,20,605 ක්‌ද මෙසේ දඩ මුදල් ලෙස අයකරගෙන තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී බී.වී.පී. ආරියරත්න මහතාගේ උපදෙස් මත දුම්රිය ආරක්‍ෂක සේවා අධිකාරි සේනක ජයසේන මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම වැටලීම සිදුකොට තිබිණි.
දුම්රිය ඉතිහාසයේ විශාලම දඩ ආදායම මාස තුනෙන් උපයයි
2014-04-04T16:12:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|