-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලෝකයේ විවිධ රටවල හොර ජාවාරම්කරුවන් සමග සම්බන්ධව මෙම විදේශීය මත්පැන් තීරුබදු රහිතව හොර පාරෙන් මෙරටට ගෙන්වා ගෙන  අන්තර්ජාලය හරහා ඒවා රට පුරා බෙදා හැරියේ යයි කිරුළපන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කප්රුක නම් ව්‍යාපාරික ආයතනය වටලා සැකකරුවන් දෙදෙනෙක් සමග දේශීය හා විදේශීය නිෂ්පාදිත මත්පැන්  බෝතල් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ  සුරාබදු වැටලීම් ඒකකය කියයි.

සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම ස්ථානය වැටලීම සිදුකර ඇති අතර  අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ කිරිබත්ගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

කිරුළපන ප‍්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලය හරහා ඇනවුම් ලබාගෙන මොවුන් දිවයින පුරා මෙම මත්පැන් බෙදා හැර ඇති බව මෙතෙක්  සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය  විණියැයි සුරාබදු නිලධාරීහු පවසති.

අත් අඩංගුවට ගත් මත් පැන් තොගය බෝතල් දහසකට ආසන්න ප‍්‍රමාණයක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week