-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී මුස්ලිම් කාන්තාවන් පළඳින නිකාබ් ඇඳුම සහිත ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නොදෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.
මැතිවරණ පිළබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ලේකම්වරු ඇතුලූ නියෝජිතයින් ඊයේ පස්වරුවේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට කැඳවමින් පැවති සාකච්චාවේදී කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
ජාතික හැඳුනුම්පත සහිතව ඡන්දය භාවිතා කිරීමට නිකාබ් ඇඳුම සහිතව පැමිණෙන මුස්ලිම් කාන්තාවන්ට සිය අනන්‍යතාව සහතික කිරීම සඳහා ඡන්ද පොල නියෝජිතවරියක් ඉදිරියේ මුහුණ ආවරණය ඉවත් කිරීමට සිදුවන බවත් එසේ නොකලහොත් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් දේශප‍්‍රිය මහතා එහිදී පැවසීය.
මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් කැඳවන බවද පැවසූ ඔහු ඒ අවසන් සතියේ පමණක් බවද කීවේය.
මැතිවරණය කාල සීමාවේ උතුරු පළාතේ හමුදාව කඳවුරු තුලට සීමා කල යුතු යයි දෙමළ ජාතික සන්ධානය ගෙන ආ යෝජනායව ඉවත දැමූ කොමසාරිස්වරයා පැවසුවේ උතුරේපවතින තත්වය වෙනස් තත්වයක් බැවින් හමුදාව කිසිසේත්ම කඳවුරු තුලට සීමා කල නොහැකි බවද අවධාරණය කලේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos