දකුණු දිග හොං කොං මුහුදු තීරයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් අනතුරට ලක්වීමෙන් කාර්ය මණ්ඩලයේ 11 ක් අතුරුදන් වෙයි.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ කන්ටේනර් රැගෙන යමින් සිටි යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මෙහිදී භාණ්ඩ ප්‍රවාහන නෞකාව සම්පුර්ණයෙන් මුහුදේ ගිලී ගොස් ඇති අතර එහි සිටි එක් සේවකයෙක් පමණක් බෝට්ටුවකට නැග දිවි ගලවා ගැනීමට සමත් වී තිබේ.
අනික් 11 දෙනා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක අතර මේ සදහා සහන යාත්‍රා සහ හෙලිකොප්ටර් ද යොදා ඇති බව වාර්තා වෙයි.