-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය දශකයේ වෙළඳපොළට පැමිණි පැරණි මාදිලියේ ජංගම දුරකථන යළි ජනපි‍්‍රය වෙමින් පවතින බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් මේ ගණයේ ඇතැම් ජංගම දුරකථනයක් මේ වන විට ඩොලර් 800ක පමණ ඉහළ මිලකට අලෙවි වන බවද වෙළඳසැල් හිමියෝ පවසති.
වින්ටේජ් මොබයිල් වෙබ් අඩවියේ නිර්මාතෘ ජාසිම් හඩාඞ් පවසා ඇත්තේ නොකියා 8800 ආර්ට් ගෝල්ඞ් දුරකථනය ඩොලර් 1360කට සහ 8800 දුරකථනයක් ඩොලර් 337ක මිලකට මේ වන විට අලෙවි වන බවයි.
තම අඩවියෙන් 2013 වසරේ පමණක් පැරණි දුරකථන 10000ක් අලෙවි වූ බව ඔහු පවසා තිබේ.  නොකියා 8210 දුරකථනයද ඩොලර් 80ක් පමණ වන බව වාර්තා වේ.
පසුගිය වසර කිහිපය තුළ ස්මාර්ට්ෆෝන් දුරකථන අතිශයින් ජනප‍්‍රිය වූ අතර එයට අනුවර්තනය විය නොහැකිවූ ෆින්ලන්තයේ නොකියා සමාගම මේ වන විට මයික්‍රොසොෆ්ට් විසින් මිලදී ගෙන ඇතැයි පැවසේ.
නව තාක්ෂණිකාංහ පිළිබඳ විශේෂඥයකු වන ඬේමියන් ඩුආනි පවසන්නේ මේ වන විට පැරණි දුරකථන භාවිතා කිරීම විලාසිතාවක් වෙමින් පවතින බවයි.
ඒවා වල භාවිතයේ සරල බව සහ බැටරි කල් පැවැත්ම මෙයට ප‍්‍රධාන හේතුවක් වී ඇති අතර වෙනත් යුගයක භාණ්ඩයක් භාවිතා කිරීම විලාසිතාවක් වීමද තවත් හේතුවක් බව ඔහුගේ අදහසයි.
ඩුආනි පවසා ඇත්තේ නවීන දුරකථන වල ඇති පහසුකම් විසින් මිනිසා තාක්ෂණයේ වහලෙකු වීමට ඇති විරෝධාකල්පයද පැරණි දුරකථනයේ නව නැගීමට බලපා ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos