-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ වසරේ පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 10.2ක ආදායමක් වාර්තා කිරීමට ඇපල් සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ.  මෙම කාලසීමාව තුළදී අයි ෆෝන් අලෙවිය පසුගිය වසරේ මේ කාලයට සාපේක්ෂව මිලියන 43.7කින් ඉහළ ගොස් ඇති අතර එය 17%ක වර්ධනයකි.
මේ වසරේදී සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරියා බවට පත්වීමට නියමිතව ඇති ලූකා මෙස්ත‍්‍රි පවසා ඇත්තේ චීනය, ඇමරිකාව, බටහිර යුරෝපය සහ ජපානයේ ඇති ඉහළ ඉල්ලූම නිසා මෙම වර්ධනය අත්පත් කරගැනීමට සමත්වූ බවයි.  මේ අතරවාරයේදී ඇපල් අයි පෑඞ් ටැබ්ලට් පරිඝනකයේ අලෙවිය 16%කින් අඩුවී තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් සමාගමේ ආදායම් ඉහළ යාම සමග කොටස් හිමියන්ගෙන් කොටස් යළි මිලදී ගැනීම සඳහා අමතර ඩොලර් බිලියන 30 මුදලක් ආයෝජනය කිරීමට ඇපල් විසින් තීරණය කර ඇති අතර කාර්තුවක් සඳහා ලාභාංශයද 8%කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි පැවසේ.
ලබන ජුනි මසදී කොටස් 7ට එකක් ලෙස අලෙවි කිරීමටද තීන්දු කර ඇතැයි වාර්තා වේ.  2011 ඔක්තෝබර් මසදී ඇපල්හි නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් මියගිය පසු සමාගමේ ඇති ආකර්ෂණීය භාවය බිඳ වැටෙනු ඇතැයි ඇතැමුන් විසින් මත පළ කළද ඇපල් හි ආදායම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 45.6 දක්වා 5%කින් ඉහළ යාම සමග එවැනි සැක සංකා පහව ගොස් ඇතැයිද සැලකේ.
මේ වසරේදී අයි වොච් සහ ඇපල් ටීවීහි නව මාදිලියක් වෙළඳපොළට එනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර වත්මන් ප‍්‍රධාන විධායක ටිම් කුක් පවසා ඇත්තේ නව නිර්මාණයන් හඳුන්වා දිය හැක්කේද ඇපල් හට පමණක් බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos