-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාතික බලසේනාවේ මහ ලේකම් මහියංගන ප්‍රාදේශීය සභාවේ (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ) මන්ත්‍රී වටරැක විජිත හිමියෝ මාධ්‍යයට මේ දිනවල හොඳ ප්‍රවෘත්ති මවන්නෙකි.
වටරැක විජිත හිමියෝ ඉකුත් සතියේ අපූරු රංගනයක යෙදුණු ආකාරය අපි මාධ්‍ය ඔස්‌සේ දුටුවෙමු. පොලිස්‌ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව උන්වහන්සේ දිවගිය ආකාරය ටෙලි නාට්‍ය දර්ශනයක්‌ බඳුය.
එදා පොලිස්‌ නිලධාරීන් නොසිටියේ නම් වටරැක විජිත හිමියෝ ගැන අපට අසන්නට ලැබෙන්නේ වෙනත් කතාවකි.

වටරැක විජිත හිමියෝ දුරකථනයට සම්බන්ධ කර ගැනීම සඳහා ඉකුත් බ්‍රහස්‌පතින්දා මම සෑහෙන වෙහෙසක්‌ ගතිමි. මා මෙන්ම වෙනත් මාධ්‍යවේදීන්ද මෙම උත්සාහය දරන්නට ඇත.

වටරැක විජිත හිමියන්ට මම කතා කළෙමි.

ප්‍රශ්නය- කොහොමද සැප... සනීප.. දැන් ඔබ වහන්සේ මොකද කරන්නේ.

පිළිතුර(- මම තැනින් තැන ඉන්නවා මට කියලා එක තැනක්‌ නැහැ. මාව මරන්න ඉන්නවා.

ප්‍රශ්නය(- එදාත් ඔබව මරන්නද හැදුවේ...

පිළිතුර(- ඇත්ත වශයෙන්ම වෙන්න පුළුවන්. පොලිසියේ මහත්වරු නැතිනම් මම ඉවරයි.

ප්‍රශ්නය(- ඇයි ඒ අය ඔබවහන්සේ සමග මෙපමණ වෛර...

පිළිතුර(- ඒගොල්ලන්ගේ හොඳ වීඩියෝ පටයක්‌ මා ළඟ තිබෙනවා. විල්පත්තුව අභය භූමියේ කරපු වැඩක්‌. හැබැයි ඒ වීඩියෝ පටය මාව කපලා කපලා ගඟට මුහුදට දැම්මත් මම ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ.

ප්‍රශ්නය(- එවැනි වීඩියෝ පටයක්‌ තිබෙනවානම් පොලිසියට හරි රජය පිළිගත් කෙනෙකුට බාර දුන්නානම් ඒක හොඳ සාක්‌කියක්‌ වෙන්න පුළුවන්.

පිළිතුර(- අපොයි නැහැ. වීඩියෝ පටය කාටවත් දෙන්නේ නැහැ.

ප්‍රශ්නය- එදා මහියංගන ප්‍රාදේශීය සභාවට යද්දී ඇතිවූ තත්ත්වය ගැන ඔබට මොකද හිතුණේ.

පිළිතුර(- මොනවද ඉතින් මට ඒ මොහොතේ මරණ බිය ඇති වුණා. මම තව සුළු මොහොතකින් මැරෙයි කියලා මම හිතුවා. වාසනාවට පොලිසිය මට ආරක්‍ෂාව දුන්නා. මට තියෙන මරණ තර්ජන ගැන මම ජනාධිපතිතුමාටත් කිව්වා. එතුමා ඊට සුදුස්‌සක්‌ කරයි.

බොදුබල සේනාව මට සෑහෙන කාලයක්‌ තිස්‌සේ අරියාදු කරනවා. මා ගැන ආරංචිවෙලා එංගලන්තය, ඇමරිකාව සහ කැනඩාවෙන් මට එහේ එන්න කියලා ආරාධනා ලැබෙනවා. ඒ වගේම පිටරට මාධ්‍යවලින් පවා කතා කරනවා. මම උපන් රට දාලා යන්නේ නැහැ. ඒක ස්‌ථිරයි.

ප්‍රශ්නය(- ඔබ වහන්සේ පාර්ලිමේන්තුවට එන්න අදහසක්‌ තියෙනවාද?

පිළිතුර(- අපොයි නැහැ. මේ කරන ටික හොඳටම ඇති. මගේ සංවිධානය ගැන දැනගෙන විශාල බහුතරයක්‌ මට ඉන්නවා. බොදුබල සේනාව දැන් බයවෙලා ඉන්නේ. එයාලට මෙච්චර පිරිසක්‌ එකතු වන්නේ නැහැ. සෑම ජාතියක්‌ම, සෑම පූජකයෙකුම වාගේ මගේ සංවිධානයට බැඳෙන්න ලෑස්‌තිවෙලා ඉන්නේ. ජාතික සමගියක්‌ අපි ගොඩනැඟිය යුතුයි.

බොදුබල සේනාවෙ වගේ අපි ආගම් විරෝධී, ජාති විරෝධී වැඩ කරන්නේ නැහැ. මගේ ජීවිතයට මරණ තර්ජන තිබෙනවා. මම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. පොලිසිය දැන් ලොකු පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යනවා.

මම මොහොමඩ් විජිත කියලා.... මෙහේ මඩ පෝස්‌ටර් ගහලා තියෙනවා. පොදු වැඩක්‌ කරනකොට මඩ ලැබෙනවා. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ.

බොදුබල සේනාවට විරුද්ධව පැමිණිලි 12 ක්‌ විතර දාලා තියෙනවා. බොදුබල සේනාව පිරිහෙන ලකුණු දැන් පෙනෙන්නට තිබෙනවා. මාව කපලා කොටලා දානවා කියලා කියනවා. ඔය මුස්‌ලිම් නායකවරු මට හරිම හිතවත්. අලවි මව්ලාන මහත්මයා, අසාද් සාලී මහත්මයා මා ගැන හුඟාක්‌ දුක්‌වුණා. ඔවුන් සෑම මොහොතකම මා සමඟ ඉන්නවා.

මේ දවස්‌වල මගේ කන්දෙක හොඳටම රිදෙනවා. ඒකට හේතුව මාධ්‍ය දුරකථනවලින් අහන ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඉවරයක්‌ නැහැ.

අපි බුදුදහම අනුව ජීවත් විය යුතුයි. වෛරය, ක්‍රෝධය නැහැ. ඒ හින්දා තමයි මම අර වීඩියෝ පටය එළියට දාන්නේ නැත්තේ.

ප්‍රශ්නය- මොනවද ඒ වීඩියෝ පටයේ තියෙන්නේ.

පිළිතුර(- වාහන උඩ තියාගෙන අරක්‌කු බොන හැටි, ක්‍රිකට්‌ ගහන හැටි, නටන හැටි ඒ වීඩියෝ පටවල තිබෙනවා.

හැබැයි සත්‍ය ජයගන්නවා. ජාතික බලසේනාව ළඟදීම තවත් ජනප්‍රිය වෙනවා. එතකොට ඔය බොදුබල සේනාව දකින්නට ලැබෙන්නේ නැහැ. මහියංගන රොටවෙල පන්සලට ඇවිත් මාව හොයලා මට මරණ තර්ජන කරලා ගිහින් තියෙනවා. මම ඒ පන්සලටත් පොලිස්‌ ආරක්‍ෂාව ඉල්ලුවා. මටත් පොලිස්‌ ආරක්‍ෂාව ලැබිලා තියෙනවා.

මම ආයෙත් කියනවා. මට ස්‌ථිර වශයෙන්ම ඉන්න තැනක්‌ නැහැ. මම දැන් තැනින් තැන ජීවත් වෙනවා. මරණ බිය... කියමින් උන්වහන්සේ කතාව අවසන් කළේය.

නෝමන් පළිහවඩන

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos