-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෞද්ගලික බස් රථ සේවාවට පෙර ගෙවුම් කාඩ් පත අනිවාර්යෙන්ම හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී. රත්නායක මහතා සිළුමිණට කීය. ජාතික ගමනා ගමන කොමිසම හරහා මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු කළ ද එය මන්දගාමී ස්වභාවයක පැවතීම නිසා අමාත්‍යාංශය විසින්ම එය ක්‍රියාවට නැංවීමට ඇමැතිවරයා පියවර ගෙන තිබේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද සකස් කර ඇති අතර මේ පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වා දීම  මහජන බැංකුව හා මොබිටෙල් ආයතනය සහායෙන් සිදු කෙරේ.

පෞද්ගලික බස් රථ සමස්ත ආදායම බස් හිමියන්ට ලබා දීමත් බස් මඟීන් හා කොන්දොස්තරවරුන් අතර ඇතිවන ප්‍රවේශපත් හා ඉතිරි මුදල් ආරවුල් පවා මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ නිම වනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos