-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඇති ගුවන් යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහන් කර ඉන් කිහිපයක් යුරෝපීය ගුවන් පථයන්ට ඇතුළු වීම යුරෝපීය රටවල් විසින් තහනම් කර ඇතැයි වාර්තා වේ.

යුරෝපීය රටවල් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇත්තේ අන්තර්ජාතික ගුවන් ප්‍රමිතියෙන් තොර, මගී ප්‍රවාහනයට නුසුදුසු, භයානක අනතුරු ඇතිවිය හැකි මලකඩ කෑ ගුවන් යානා ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් ධාවනය කිරීම නිසාය.


Read more: ශ්‍රී ලන්කන් ගුවන් යානා කිහිපයක් යුරෝපා අහසට වැද්දා ගැනීම තහනම් කරයි

උදාහරණයක් ලෙස ලංකාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු 4-ආර්. ඒඩීඒ නම් ඒ 340 වර්ගයේ ගුවන් යානයට යුරෝපීය අහසට ඇතුළු වීම පසුගියදා තහනම් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ එම ගුවන් යානය වසර 24 ක් පැරණි නිෂ්පාදිතයක් නිසා මගී ප්‍රවාහනයට නුසුදුසු බැවිනි.

සාමාන්‍යයෙන් ඒ 340 වර්ගයේ ගුවන් යානයක් මගී ප්‍රවාහනයට සුදුසු වන්නේ නිෂ්පාදිත වසරේ සිට වසර 20 ක් යනතුරු පමණි. ඉන් පසුව ඒවා යොදවන්නේ භාණ්ඩ ප්‍රවාහනයට ය. ලංකාවේ මගීන් ප්‍රවාහනය කරන 4-ආර් ඒඩීඒ නම් ඒ-340 වර්ගයේ ගුවන් යානය මේ වන විට වසර 24 ක් පැරණිය. එම යානයට දැන්වූ අන්තර් ජාතික අනතුරු ඇඟවීම් හමුවේ ලංකාවේ බලධාරීන් කිසිවක් නොතකා වැඩිපුර වසර කිහිපයක් ධාවනයේ යොදවා ඇත. අනතුරු ඇඟවීම් කිසිවක් පිලිනොගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තරය විසින් අවසානයේ දැනුම් දී ඇත්තේ මෙකී ගුවන් යානා යුරෝපීය අහසට වැද්දා ගැනීම තහනම් කරන බවයි.

මේ අනුව අපොස සාමාන්‍ය පෙළ පවා අසමත් ශිරන්ති රාජපක්ෂගේ අයියා සභාපති ධූරය දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නන්නත්තාර වී තිබේ. තහනම් කළ ගුවන් යානා දැන් මගී ප්‍රවාහනයෙන් ඉවත් කර ගාල් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවය කරන පුද්ගලයන්ට මේ වන විට ලැඛෙන්නේ ලෝකයේ අඩුම වැටුප් බැවින් ගුවන් සේවයේ තත්ත්වය ද ඉතාමත් බරපතල ලෙස කඩා වැටී ඇත. ගුවන් සේවයක් හොඳ ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන්ගෙන් තොරව පවත්වා ගෙනයා නොහැකිය. නමුත් ලංකාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් ක්‍රාෆ්ට් මිකැනික් වරයෙකුගේ වැටුප යාන්තම් රුපියල් 20,000 ක් පමණි. මෙය සමාන්‍යයෙන් වෙනත් පෞද්ගලික ආයතනයක පියන් කෙනෙකුගේ වැටුපකි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර් ක්‍රාෆ්ට් ටෙක්නීෂියන් කෙනෙකුගේ වැටුප යාන්තම් රුපියල් 25000 කි. මෙම වෘත්තියටම ඉන්දියාවේදී ඉන්දියානු රුපියල් 40,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ගෙවනු ලැබේ. ලෝකයේ අඩුම වැටුප් ගෙවන ගුවන් සේවය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.

මේ තත්ත්වය ගුවන් යානාවන්ගේ ධාවන ප්‍රමිතියට බරපතල ලෙස බලපා තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව පැය 11 ක් පමණක් සේවය කළ යුතු ටෙක්නීෂියන් වරයෙක් ලංකාවේ වැඩි වැටුපක් ලබා ගත යුතු නිසා පැය 16 න් පමණ සේවය කරයි. එනිසාම ගුවන් යානාවන් අනතුරේ වැටී ඇතැයි අන්තර් ජාතික ගුවන් සේවා තීරණය කර ඇත. මන්ද යත් එවැනි ටෙක්නීෂියන් වරයෙක් හොඳ මානසික තත්ත්වයකින් ක්‍රියා කරන්නේ නැතිනම් ගුවන් මගීන් අනතුරට පත්වන නිසාය. පැය 11 ක් වැඩ කිරීමේ හැකියාව ඇති අයෙක් පැය 16 ක් වැඩ කරනවා යනු ඔහුගේ නියම සේවය නොලැබේ.

මෙවන් හේතු රැසක් හේතුවෙන් පසුගියදා යුරෝපීය රටවල් ශ්‍රී ලන්කන් ගුවන් යානා කිහිපයක් ඒ රටවල අහසට ඇතුළු වීම තහනම් කළේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week