-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වෙසක් උත්සව වෙනුවෙන් පාසල් ළමයින් සංවිධානය කළ වෙසක් කලාපයක බත් දන්සලකට එකතු කළ භාණ්ඩ අතර තණකොල මිටියක් තබා දුන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයකු ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි අදි සිසුවෝ ද ගුරුවරු ද ඉල්ලති.
මේ විද්‍යාලයයේ මෙවර වෙසක් කලාපය වෙනුවෙන් බීම, අයිස්ක්‍රීම්, කඩල හා බත් දන්සල් පැවැත්විණි.
විද්‍යාලයයේ එක් එක් අංශ එක්ව බීම, අයිස් ක්‍රීම් හා කඩල දන්සල් පැවැත්වූ අතර බත් දන්සල පැවැත්වීම ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කිරීමට සංවිධායකයෝ තීරණය කර ඒ සඳහා විද්‍යාලයයේ හය සහ හත ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කර තිබිණි.
ළමයිගේ දෙමාපියන් විසින් එවනු ලැබූ විවිධ භාණ්ඩ එකතු කර පාර්සල් කළේ සහකාර විදුහල්පතිවරයකු විසිනි. මේ සහකාර විදුහල්පතිවරයා ඒ භාණ්ඩ ඇසිරූ පෙට්ටියට තණකොල මිටියක් කපා පාර්සල් කර දමා ඇති බවත්, අවසාන මොහොත එම භාණ්ඩ විදුහල්පතිගේ අතින් ආදී ශිෂ්‍ය සංගමයට දෙන අවස්ථාවේ ඒ බව හෙළිවූ බවත් විදුහල් ආරංචි කියයි.
ආදිශිෂ්‍ය සංගමයේ නිලධාරීන්ට එම පාර්සල් ලබා දීමට පෙර විදුහල්පති විසින් අදිශිෂ්‍යයන් ද ඉදිරිපිටදීම එම පෙට්ටිය විවර කර ලැබූ බවත්, ඒ සමග  එහි තිබූ තණකොල පාර්සලය හමුවූ බවත්, එම සිදුවීමෙන් විදුහල්පති ඇතුළු සියලු දෙනා බලවත් අපහසුතාවකට පත් වූ බවත් කියති.
හිටපු විදුහල්පතිගේ යම් යම් අයතා ක්‍රියාවන්ට ද සම්බන්ධ බව කියන මේ සහකාර විදුහල්පති ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි විද්‍යාලයීය අභ්‍යන්තර පාර්ශව ඉල්ලති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos