හඟුරන්කෙත ප‍්‍රදේශයේ නමගිය ජාතික පාසලකි. එහි අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ පන්ති සඳහා උගන්වන විද්‍යා ගණික උපාධිධාරි ගුරුවරියකි. විදුහල් කිහිපයක මීට පෙර ද උගන්වා පළපුරුදු ගුරුවරියක් වන ඇය කාගේත් සිත දිනාගත් තැනැත්තියකි. ඇය ඉතා සුළුදෙයකට පවා ඉතා සංවේදී වන බව ද කවුරුත් නොදන්නවා නොවේ.
මෙවර පොසොන් පොහොය දින සියලූම සිසු දරුවන්ට අටසිල් සමාදන්වීම සඳහා විදුහලේ සීල ව්‍යාපාරයක් පැවැත්විණ. ඇයගේ පෙරැත්තය මත උසස් පෙළ පන්තියේ සියලූම සිසු සිසුවියන් සිල් සමාදන් විය. නමුත් ගුරුවරිය නම් එදින හිමිදිරියේ පාසලට පැමිණ සිටියේ නැත.
උදෑසන 10 පමණ වනවිට විදුහලට පැමිණි ඇය හමුවීමට උසස් පෙළ සිසු සිසුවියන් ගොස් ඇත්තේ ඇයට ආචාර කිරීම සඳහා ය. ඒ අවස්ථාවේ දී ”අද ඔයාලා මට වඩා උසස් අය. අටසිල් ලැබූ අය. ඒ නිසා අද මට වඳින්න එපා. ඔබලා සැමට මමයි අද වඳින්න ඕනේ” යැයි කියමින් සියලූම සිසු දරුවන්ට ඇය වැඳගෙන වැඳගෙන ගියේ ය.