-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ධනවතුන් සිඟමනට ඇද දමන ප්‍රබල පරිගණක වෛරසයක් මේ වන විට ව්‍යාප්තව පවතින බවට බ්‍රිතාන්‍ය අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.
එම ආයතනය පවසන්නේ, මේ වන විට ලොව පරිගණක විශාල සංඛ්‍යාවක් එම වෛරසයට ගොදුරු වී ඇති බව ය.
බ්‍රිතාන්‍යය තුළ පමණක් එම වෛරසයේ ප්‍රහාරයට ලක්වූ පරිගණක සංඛ්‍යාව 15000කි.
එම වෛරසය හරහා පරිගණක තුළ ඇති රහස් ලියවිලි, ඡායාරූප, වීඩියෝ ආදී සියල්ල සඟවා ගන්නා අතර ඒවා යළි ලබා ගැනීමට අවශ්‍ය නම් කප්පම් මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
ඊට අමතරව, මෙම වෛරසයේ ඇති භයානක ම ලක්ෂණය වන්නේ, ඉන්ටර්නෙට් හරහා ගෙවීම් කිරීමේදී බැංකු ගිණුම්වල ඇති මුදල් සියල්ල ලබා ගැනීම ය.
ඒ මගින් මුදල් ගිණුම් හිස් කිරීමට එම වෛරසයට ගත වන්නේ, සති දෙකක පමණ කාලයක් පමණි.
අදාළ සති දෙකක කාලය තුළ වෛරසය විනාශ කිරීමට පියවර නොගතහොත් විශාල කරදරවලට මුහුණ දීමට පරිගණක හිමිකරුට සිදු ව ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week