-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නෙළුව මියෙනවතුර ප්‍රදේශයේදී එක්‌ව මත්පැන් පානය කරමින් සිටි මිතුරන් දෙදෙනකු අතර ඊයේ (03දා) අලුයම ඇති වූ ආරවුලක්‌ හේතුවෙන් එක්‌ මිතුරකු අනෙක්‌ මිතුරාට අයත් බස්‌ රථයට ගිනි තබා ඇත.

පාසල් බස්‌රථ හිමිකරුවකු වන සිය මිතුරාගේ නිවසට පැමිණි අනෙක්‌ මිතුරා මත්පැන් පානය කර ඇති අතර එහිදී බස්‌රථ හිමිකරු අනෙක්‌ මිතුරාගේ බිරිඳට යෑවූ බැව් කියන (එස්‌. එම්. එස්‌) කෙටි පණිවුඩයක්‌ සම්බන්ධයෙන් ආරවුල හටගෙන ඇත.

මිතුරාගේ බිරිය විසින් තමන්ට ලැබුන පණිවුඩය පිළිබඳ සැමියාට දැන්වීමත් සමග කෝපයට පත් ඔහු තම මිතුරාට අයත් බස්‌ රථයට ගිනි තබා ඇත.

සිද්ධියෙන් බස්‌ රථයේ කොටසක්‌ ගිනිගෙන ඇත. සැකකරු නෙළුව පොලිසියට භාර වී තිබේ.

නෙළුව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week