-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් මිලියන ගණනක් පුද්ගලයන්ගේ මුහුණු ඇතුළත් දත්ත ගබඩා පවත්වාගෙන යන බව අනාවරණය වී තිබේ.
ග්ලෙන් ග‍්‍රීන්වල්ඞ් සහ ලෝරා පොයිට‍්‍රාස් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලද ලිපියක් මගින් පවසා ඇත්තේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයේ පෙරළිකාර වර්ධනයන්ට පින් සිදුවන්නට ජාතික ආරක්ෂක ඒජන්සිය ඊ මේල්, කෙටි පණිවුඩ, සමාජ ජාල, වීඩියෝ ඇමතුම් ආදී සන්නිවේදනයන් තුළින් ඡයාරූප ග‍්‍රහණය කරගන්නට සමත්ව ඇති බවයි.
මේ බව හෙළිවී ඇත්තේ ස්නොව්ඩන් විසින් හෙළිකළ රහසිගත ලිපිලේඛන අතරින් හමුවූ වාර්තාවක් මගිනි.  ස්නොව්ඩන්ගේ රහස් ලේඛන සතුව ඇත්තේ ග‍්‍රීන්වල්ඞ් සහ පොයිට‍්‍රාස් දෙදෙනා හට පමණි.
2011 වසරේ දාතම සහිත වාර්තා මගින් දක්වා ඇත්තේ ඇමරිකානු චරපුරුෂ ඒජන්තයින්ට දිනකට මිලියන ගණනක් ඡයාරූප ග‍්‍රහණය කිරීමේ හැකියාව සතුවන අතර ඉන් 55000ක් පමණ මුහුණු හඳුනාගැනීම සඳහා භාවිතා කළ හැකි මට්ටමේ පවතින බවයි.
මුහුණු හඳුනාගැනීමේ පරිඝනක වැඩසටහන් ගණනාවක් එකිනෙක සම්බන්ධ කර ඇති අතර ඒ අනුව ඇමරිකානු හෝ ඉන් පරිබාහිර  ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ සවිස්තර ගොණුවක් පවත්වාගත හැකි බව පැවසේ.
මෙහි ඇති තවත් බරපතල තත්වයක් වන්නේ ජී.පී.එස් තාක්ෂණය භාවිතා කරමින් එකී ඡයාරූප ගන්නා ලද ස්ථානයන් ආදිය සසඳමින් තම ඉලක්කය ලොව කොතැනක හෝ සිටිනා ස්ථානය බොහෝ සෙයින් නිවැරදිව සොයාගත හැකිවීමයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week