සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළි නයනා කුමාරි පදිංචිව සිටින මාලබේ පොතුවරාව ප්‍රදේශයේ පිහිටි නිවෙසට ඊයේ මැදියම් රාත්‍රි පිටුපස ෙදාර කඩා ඇතුළු වී ඇති සොරුන් කීපදෙනකු එම නිවෙසේ තිබූ රුපියල් දෙලක්ෂ පහළොස් දහසක් වටිනා මුදල් හා රන් ආභරණ සොරාගෙන ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ එම නිවෙසේ තිබූ සැකකටයුතු ඇඟිලි සලකුණු අටක් හමුවී ඇති බවයි.
මේ සොරකම පිළිබඳ ඊයේ උදේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට පැමිණිලි කිරීමෙන් පසු තලංගම පොලිසිය එම නිවෙසට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලදී.
ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විද්‍යාත්මක පර්යේෂණ නිලධාරීන්ද කැඳවා තිබිණි. තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.