-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති ‘Who wants to be a millionaire’ රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජර්මානු නිෂ්පාදනයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් ඊයේ වාර්තා විය.
එම වැඩසටහනට ආරාධිත තරගකරුවෙකු ලෙස සහභාගි වී සිටියේ, ජර්මන් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෙකු වන වුල්‍ෆ්ගැන්ග් බොස්බැක් (Wolfgang Bosbach) නමැත්තෙකි.
ඔහු ජර්මානු චාන්සෙලර් ඇන්ගෙලා මර්කල් සමීපව ඇසුරු කරන විද්වතෙකි.
එහිදී ඔහුට යොමුවූ ප්‍රශ්නයකින් විමසන ලද්දේ, නැගෙනහිර ජර්මනි‍ය නිෂ්පාදනය කළ WM66 නමැති රෙදි සෝදන යන්ත්‍රය ඉතිහාසගත වූයේ, කුමන හේතුවක් මත ද යන්න ය.
එම ප්‍රශ්නයට පිළිතුර වුල්‍ෆ්ගැන්ග් බොස්බැක් දැන නොසිටි අතර ඔහු ඒ සඳහා සහය ලබා ගැනීමට ‘phone-a-friend’ අවස්ථාව ලබා ගත්තේ ය. (එම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වූයේ, අදාළ රෙදි සෝදන යන්ත්‍ර පළතුරු ගබඩා කිරීම සඳහා භාවිත කිරීම හේතුවෙන් ඉතිහාසගත වූයේ ය යන්න ය.)
ඔහු සහය පැතුවේ අන් කවරෙකුගෙන්වත් නොව ජර්මානු චාන්සෙලර්වරියගෙනි.
ඇය නැගෙනහිර ජර්මනියේ උපන් තැනැත්තියක වන හෙයින් නිසැකව ම පිළිතුරු දෙනු ඇතැයි ඔහු එහිදී විශ්වාසය පළ කළේ ය.
කෙසේ වෙතත්, ඇන්ගෙලා මර්කල් සම්බන්ධ කර ගැනීමට ඔහු දැරූ උත්සහය දෙවරක් ම අසාර්ථක විය.
නිවැරදි පිළිතුර ලබා දුන්නේ නම් වුල්‍ෆ්ගැන්ග් බොස්බැක්ට හිමි වන මුදල යුරෝ 500000ක් විය.
එහෙත්, ඇන්ගෙලා මර්කල් සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වීම නිසා ඔහුට යුරෝ 125000ක් පමණක් දිනා ගැනීමට සිදු විය.
පසුව, ඇන්ගෙලා මර්කල් ඔහුට එවන ලද කෙටි පණිවුඩයක දැක්වුණේ, “Ok whatever it was, warm greetings from am.” යනුවෙනි.
(‘Who wants to be a millionaire’ වැඩසටහනේ ශ්‍රී ලංකා නිෂ්පාදනය සිරස ටීවී ඔස්සේ සෑම සිකුරාදා දිනක ම රාත්‍රී 9.00ට විකාශය වේ)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week