-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය දිනකදී විද්‍යාඥයින් පිරිසක් විසින් පටිගත කරගත් මුහුදු පතුලේ සිට නැඟුණු හඬ අතුරුදන් වූ MH370 යානයේ කළු පෙට්ටියෙන් නැගුණු හඬක් බවට සැකකෙරෙන බව එහි පරීක්ෂණය කටයුතුවල නිරත වී සිටින නිලධාරීන් පවසා තිබේ. අදාල ශබ්දය පටිගත වී ඇත්තේ මුහුදු පතුලෙහි සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම් අතරතුරදීය.

විද්‍යාඥයින් පවසන ආකාරයට එම ශබ්දය සාමාන්‍ය පරිසරයේදී ශ්‍රවණය නොවන තරම් සුළු ශබ්දයක් බවත් එය වැඩිදියුණු කර ශ්‍රවණය කිරීමට හැකිවන පරිදි වර්ධනය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.

ඒ අනූව එම ශබ්ධය භූ කම්පනයක ශබ්ධයට සමාන අතර එය අතුරුදන් වූ MH370 යානයේ කළු පෙට්ටියෙන් නැඟුනේද යන්න සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත. තවද මෙවැනි කුඩා ශබ්ධ කිලෝ මීටර ගණනක් දුරට ජලය මගින් ගමන් කරන අතර එය ස්වභාවිකව හට ගන්නා සුළු භූකම්පනයක හඬක් වීමටද ඉඩකඩ ඇත.

කෙසේවෙතත් මෙම ශබ්දය විශ්ලේෂණය කිරීමෙන් MH370 යානය පිළිබඳ තොරතුරක් සොයාගත හැකි වනු ඇතැයි අදාළ විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. යානය ඇති බවට විශ්වාස කර සෝදිසි මෙහෙයුම් දියත් කල ඉන්දීය මුහුදු සීමාවට කිලෝමීටර දහස් ගණනක් ඈත සීමාවෙන් මෙම ශබ්ධය පටිගත කර තිබීම විශේෂත්වයක් වෙයි. අදාළ ශබ්දය MH370 යානයෙන් නැගුණු ශබ්දයක් වීමේ සම්භාවිතාව 25 – 30% අතර ප්‍රතිශතයක පවතින බව රීක්ෂණය කටයුතුවල නිරත වී සිටින නිලධාරීන් පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week