සැමියෙක් විසින් තම බිරිදට ආදරය බව පෙන්වීමට තම රහස් ප්රදේශයට ගිණි තබා ගැනීම නිසා බරපතල පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබේ.
දෙදරු පියෙක් වන මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයට කිසියම් කාන්තාවක් විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් බිරිඳත් සමඟ සිදු වූ බහින් බස් වීමක් අවසානයේ සැමියා පවසා ඇත්තේ එය වැරදුනු දුරකථන ඇමතුමක් බවය.
බිරිඳ එය ප්රතික්ෂේප කරමින් තමන්ට ආදරේ නම් එය ඔප්පු කිරීමට රහස් ප්රදේශයට ගිනි තබාගන්නා ලෙස ඉල්ලා ඇත. ඒ අනුව බිරිදට ඇති ආදරය පෙන්වීමට සැමියා රහස් ප්රදේශයට භුමිතෙල් වක්කරගෙන ගිනිතබා ගෙන ඇත.