සිය තුන් හැවිරිදි ළදරුවා මෝටර් රථය තුළ තනිකර රාත්රී සමාජ ශාලාවක පහස විඳීමට ගිය මවක් අත්අඩංගුවට ගත් පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.
ඇය දකුණු ආසියානු සම්භවයක් සහිත 24 හැවිරිදි උස්මා ෂීක් නමැති කාන්තාවකි.
හැරිස් ප්රාන්තයේ පොලීසිය සඳහන් කරන්නේ, අදාළ මව සිය තුන් හැවිරිදි දරුවා සමග රාත්රී සමාජ ශාලාවකට ඇතුළු වීමට උත්සහ කළ ද කුඩා දරුවන් සමාජ ශාලාව තුළට රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව එහි ආරක්ෂක නිලධාරීන් පවසා තිබූ බව ය.
පසුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇති මව ආපසු සමාජ ශාලාවට පැමිණ ඇත්තේ, දරුවා සමග ය.
ඇය එහි පැමිණ ආරක්ෂක නිලධාරියාට පවසා ඇත්තේ, දරුවා සිය මිතුරෙකුට භාර දුන් බව ය.
එහෙත්, එම ප්රකාශය පිළිබඳව සැක සිතූ ආරක්ෂක නිලධාරියා මෝටර් රථය පරීක්ෂා කිරීමේදී දරුවා මෝටර් රථය තුළ තනිව සිටින ආකාරය දැක තිබේ.
පසුව වහා ක්රියාත්මක වූ ඔහු පොලීසිය ද සමග පැමිණ කාන්තාව අත්අඩංගුවට ගෙන දරුවා මෝටර් රථයෙන් පිටතට ගෙන ඇත.
එම අවස්ථාවේ රථයේ වායු සමීකරණ පද්ධතිය ක්රියාත්මක කර නොතිබීම හේතුවෙන් දරුවා දැඩි උණුසුම් පරිසරයක සිට ඇත.
සිය දරුවා අවදානමක තැබීමේ වරදට එම මවට අමෙරිකානු ඩොලර් 2000ක දඩයක් ගෙවීමට නියම කෙරිණි.