නයිජීරියාව,ලයිබීරියාව,සියරා ලියෝන්ස්,ගිනියාව නමැති අප්රිකානුරටවල ජනතාවට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ලබා දෙන වීසා තාවකාලිකව මෙරට දී අවලංගු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එබෝලා වෛරසය මෙරට ව්‍යාප්තවීම නතර කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම ඉන්දියානු සංචාරයකින් පසු රෝගී වී රිකිල්ලගස්කඩ රෝහලේදී හදිසියේ මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව එබෝලා වෛරසය ද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ඉහත දී පරීක්ෂණයක් පවත්වනු ලැබීය.
තවද මෙම පුද්ගලයා සමඟ ඉන්දීය සංචාරයට එක්වූ සෙසු පුද්ගලයන් සම්බන්ධව ද විමසිල්ලෙන් පසුවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට උපදෙස් දී තිබේ.