බංග්ලාදේශයේ චිත්තගොන්හි පිහිටි විශ්වවිද්‍යාලයක වෛද්‍ය උපාධිය හදාරමින් සිටි අවසන් වසරේ ශිෂයෙකු තමන් නවාතැන් ගෙන සිටි සිටි තට්ටු 8ක ගොඩනැගිල්ලකින් පැන ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය ගිය තරුණ ශිෂ්‍යයා 21 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු මානසික ව්‍යකුලතාවයකින් පෙළුණු පුද්ගලයෙක් බව අදාළ විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග මව්බිමට පැවසුවේය.
දිනපතාම බීමට ඇබ්බැහි වී සිටි මොහු මියයාමට පෙරද මත්පැන් පානය කර තිබුණු බව එම ආරංචි මාර්ග පවසා සිටියේය.
මොහු තට්ටු 8කින් යුත් ගොඩනැගිල්ලේ බිම්මහලටම ගොස් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත. විනාඩි 30කට ආසන්න කාලයකට පසුව ඔහු වැටී සිටියදී සොයාගෙන ඇති අතර රෝහල් ගත කිරීමට ගෙනයාමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහුගේ පවුලේ සාමාජිකයින් දකුණු අප්‍රිකාවේ පදිංචි වී සිටින අතර අවසන් කටයුතු බංග්ලාදේශයේදීම සිදුකරනු ලබන බව විශ්වවිදයාල ආරංචිමාර්ග සඳහන් කරයි.