-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මෑතකදී තිරගත වූ ආශිකි 2 (Ashiqui 2) චිත්‍රපටයේ අරෝහිගේ චරිතය රඟපාමින් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් සුරූපි නිළි ශ්‍රද්ධා කපූර් නිසා ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන මෝහිත් සූරිගේ පවුල් ජීවිතයේ අර්බුකාරී තත්ත්වයක් මතුව ඇතැයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා පවසයි. ශ්‍රද්ධා සහ මෝහිත් අතර පවතින සමීප මිත්‍රත්වය ඊට හේතු වී තිබේ. ආශිකි 2 චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මෝහිත් සහ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූඋ ශ්‍රද්ධා කපූර් අතර මෙම සමීප සම්බන්ධතාවය ආරම්භ වී තිබෙන්නේ ආශිකි 2 හි වැඩකටයුතු අතරතුරදීය.

එම චිත්‍රපටය හිමිකරගත් ඉහළ ප්‍රතිචාර හේතුවෙන් අධ්‍යක්ෂ මෝහිත් සූරි සිය නවතම චිත්‍රපටය වන Ek Villain හි ප්‍රධාන නිළිය ලෙසද ශ්‍රද්ධා කපූර් තෝරාගෙන තිබේ. ඔවුන් දෙදෙනා එලෙස සමීපව ඇසුරු කිරීම මෝහිත් සූරිගේ බිරිඳ වන ප්‍රකට නිළි උදිතා ගෝස්වාමිගේ සැකයට හේතු වී ඇති අතර, ශ්‍රද්ධා සහ මෝහිත්ගේ රහස් සම්බන්ධතාව අතටම අල්ලා ගැනීමට ඇය මේ වන විට සිය සැමියාගේ කාර්යාලයේ ආරක්ෂිත කැමරාද සවිකොට ඇතැයි බොලිවුඩ් මාධ්‍ය පවසයි.


කෙසේ වෙතත් එම ආරංචි ප්‍රතික්ෂේප කරමින් මෝහිත් සූරි පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ එය අසත්‍ය පුවතක් බවත් තමා සහ බිරිඳ තවමත් සන්තෝෂයෙන් පවුල් ජීවිතය ගත කරන බවත්ය. ආශිකි 2 චිත්‍රපටයේ රංගනය සඳහා පසුගියදා පැවැති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම නිළිය සඳහා වන සම්මානය සඳහාද නිර්දේශ වූඋ ශ්‍රද්ධා කපූර් බොලිවුඩයේ ප්‍රවීන නළුවක වූ ශක්ති කපූර්ගේ එකම දියණියයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos