-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



කොළඹ, දෙමටගොඩ, බේස්ලයින් පාරේ පදිංචි කාන්තාවක් ඉරිදා (18) රාත‍්‍රියේ සුදු වෑන් රථයකින් පැහැරගෙන විත් ඇය සතු රන් ආභරණ මංකොල්ලකා හැටන් ප‍්‍රදේශයේ පාළු ස්ථානයක ඇය බැඳ දමා ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කැර තිබේ. 

දෙමටගොඩ,බේස්ලයින් පාරේ අංක40 ලිපිනයේ පදිංචි ෆාතිමා නිලූෆා හුසේන් නැමති 40 හැවිරිදි තිදරු මවක් වන ඇය ඉරිදා(18) ප.ව 4.00 ට පමණ කිසියම් පිරිසක් විසින් දෑස් බැඳ දමා පැහැර ගත් බවත්පසුව වෑන් රථයක බලහත්කාරයෙන් නංවාගෙන පාළු ස්ථානයකට ගෙන ගොස් කළුවරේම ගසක බැඳ දැමූ බවත් ඇය පවසා තිබේ.


අළුයම තමන් විසින් ලණුව ගලවාගෙන හැටන් විල්ෆ‍්‍රඩ්පුර ප‍්‍රදේශයේ නිවසක් වෙත පැමිණ මේ ගැන නිවැසියන්ට දැනුම් දුන් බවද කාන්තාව පවසා ඇත.පසුව නිවැසියන් හැටන් විසින් පොලිසියට මේ ගැන දන්වා ඇත. තමන් මීට පෙර කිසිම දිනක හැටන් ප‍්‍රදේශයට නොපැමිණි බවත්තමන්ව පැහැරගෙන ආ අය පිළිබඳව තමන් කිසි දෙයක් නොදන්නා බවත්ඇය විසින් හැටන් පොලාසියට පැමිණිලි කර ඇත.
තුවාල ලබා සිටින ඇය දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතරමේගැන පරීක්‍ෂණ පවත්වන හැටන් පොලීසිය පවසන්නේ මෙම පැමිණිලිකාරිය වරින් වර ප‍්‍රකාශ කරන කරුණු අනුව මෙම සිද්ධිය පිළිබඳව සැක පහල වී ඇති බවය.මෙම කාන්තාවගේ සැමියාට හැටන් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඔහුගේ ප‍්‍රකාශය අනුව ඉදිරි පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන බවත් හැටන් පොලිසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos