-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට  සිදුවන අන්තර්ජාල අපරාධ සහ අවභාවිතාවන් සීඝ‍්‍රලෙස ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.
එම සංසදයේ තොරතුරු ආරක්ෂක ජේ්‍යෂ්ඨ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ විවිධ සිද්ධීන්ට  අදාළව පසුගිය වසර තුළ පැමිණිළි 1200 ක් ලැබී තිබෙන අතර ඊට සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස පහක කාලය තුළ පැමිණිලි 900 ක් ලැබීම මගින් අන්තර්ජාල අපරාධ සහ අවභාවිතයන් ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කෙරෙන බවත්ය.
2014 වසරේ ගත වූ මාස පහක කාලය තුළ වාර්තා වන පැමිණිලිවලින් 80% පමණ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අවභාවිත කිරීමේ සිද්ධීන්වන බවද අනෙක් පැමිණිල ලැබී ඇත්තේ විද්‍යුත් තැපෑල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් බවද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සදහන් කළේය.
බොහෝ අන්තර්ජාල අපරාධ සහ අවභාවිතයන්ට හේතු වී ඇත්තේ පෙම් සම්බන්ධතා මත ඇති  වූ ආරවුල් බව පැවසූ ඒ මහතා අන්තර්ජාල භාවිතා  කරන්නන් හැකි පමණින් සිය රහස්‍ය භාවය ආරක්ෂා කරගත යුතු බවද පෙන්වා දුන්නේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos