කාර් බෝම්බයක් සවි කරන ආකාරය උගන්වමින් සිටියදී එය වැරැදීමෙන් ඉරාකයේ, සමාරා ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක 21 දෙනකු මියගොස් 6 දෙනකු බරපතළ තුවාල ලබා තිබේ.
අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් එම ප‍්‍රදේශයේ නිවසක් තුළ මෙලෙසෙ බෝම්බ පිළිබඳ පුහුණුව ලබමින් සිටියදී අනතුර සිදුවී ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
මෙම ස්ථානය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් විසින් බෝම්බ සැකසීම පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ.
එහි තිබූ සීසීටීවී කැමරාවක් මගින් මෙම ස්ථානය පිළිබඳ තොරතුරු හෙළිව ඇත. මියගිය හා තුවාලලැබූවන්ගෙන් බොහොමයක් නව යොවුන් වියෙහි පසුවන අය බවට එරට පොලිසිය වෙත හෙළි වී ඇත.