-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෙනුෂා ඉවන්දි බණ්‌ඩාර ශිෂ්‍යාව සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් එම විදුහල්පතිවරයාට එරෙහිව වෙලගෙදර ක්‍රීඩාංගණයේ මාරාන්තික උපවාසයේ යෙදෙන උපවාසකරුවන් ඉවත් කරන නියෝගයක්‌ නිකුත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීමක්‌ කුරුණෑගල මහෙස්‌ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ඊයේ (11 දා) ප්‍රතික්‌ෂේප කරන ලදී. 

උපවාසය හේතුවෙන් පොදු දේපළවලට හෝ මහජනයාට හානියක්‌ සිදුවන බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවලින් තහවුරු නොවන බවද පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරයා උද්ඝෝෂණ හා උපවාස පැවැත්වීම මූලික මානව අයිතිවාසිකමක්‌ බවද අවධාරණය කළේය.

සිසුවියගේ සියදිවි හානි කර ගැනීමට විදුහල්පතිවරයා වගකිවයුතු බව කියමින් ඒ සඳහා වහාම බලධාරීන්ගේ අවධානය යොමුකර සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට ඉල්ලා ඇගේ ඥතීන්, හිතවතුන් හා ආදි සිසුන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණ භූමියේ මාරාන්තික උපවාසයක්‌ අරඹා ඇත. උපවාසය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් ඉල්ලීමක්‌ කළ කුරුණෑගල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් වංශනාථ මහතා උපවාසකරුවන්ට එම භූමියෙන් ඉවත්වන ලෙසට නියෝගයක්‌ නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා එසේ දන්වා සිටියේය. 

මාරාන්තික උපවාසය මේ වන විට දින දෙකක්‌ පුරා පවත්වා ඇති අතර කීපදෙනකුගේ ශරීර සෞඛ්‍යයද අයහපත් වී ඇතැයි පවසන පොලිසිය විදුහල්පතිවරයාට සහාය පළකරමින් තවත් පිරිසක්‌ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට ඒකරාශි වූ බවත්, ඔවුන් විසුරුවා හැරිය බවත් "දිවයින"" ට කියා සිටියේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos