කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයකුගේ මළ සිරුරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි මහල් ගොඩනැගිල්ලක වහළය මත ජල ටැංකියක් තුළ තිබී හමුවී ඇතැයි ඩුබායි හි ශ‍්‍රී ලංකා කොන්සල් කාර්යාලය පවසයි.
මොහු ඩුබායිහි රුසියානු අවන්හලක අරක්කැමියකු වශයෙන් සේවය කරමින් සිටි අයෙක් වන අතර සතිදෙකකට ආසන්න කාලයක් එම මළ සිරුර ජල ටැංකිය තුළ තිබී ඇතැයි ඩුබායි පොලිසිය සැක කරන බවද පැවසේ.
මළ සිරුර තිබු ජල ටැංකියෙන් ලබා දෙන පානීය ජලය බීමට නුසුදුසු බව මහල් ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඩුබායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී මළ සිරුර ජල ටැංකියේ තිබියදී හමුවී තිබේ.