-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සෑම වාහන අංක 10,000 කටම ලියාපදිංචි නොමැති අංක 488 ක්‌ තිබෙනවා. ඒ අංකවල විශේෂ ලක්‍ෂණයක්‌ තිබෙනවා. එකතුව 13 යි. තමුන්නාන්සේලා යන එන කොට බලන්න වාහනවල අංක වල එකතුව 13 නම් ඒක හොර නොම්බරයක්‌. ඒ වාහනය තුළ මැරකල්ලි ඉන්නවා, ඔබව අතුරුදන් කරන්න පැහැර ගෙන යන්න පමණක්‌ නොවේ ඔබව ඝාතනය කරන්න වුණත් පුළුවන් යෑයි ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කෑගල්ලේ පැවැති, zනීතියේ ආධිපත්‍ය සුරකිමුZ නමින් මහජන සභාව අමතා පැවසීය.

මෙම මහජන සභාව කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී තවදුරටත් කථා කළ උපුල් ජයසූරිය මහතා මා පසුපසින් ආ වාහන දෙකෙහිම නොම්බර තිබුණා. බොරු නොම්බරයක්‌ නොවෙයි නොම්බරය ලියාපදිංචි වී නැහැ. මෙය මොන තරම් භයංකර තත්ත්වයක්‌ද පොලිසිය කියනවා අංක 13 එන ඒවා ලියාපදිංචි කර නැහැ කියා.

සෑම වාහන 10,000 කට මෙවැනි අංක 488 ක්‌ තිබෙනවා. මේ අංකවල එකතුව 13 යි. මේවා ලියාපදිංචි කරන්නේ නැහැ. මේවා කොහොමද අධි ආරක්‍ෂිත කලාපයට එන්නේ. මේවා මෙහෙම නම් රටේ ආරක්‍ෂාව මොකක්‌ද? මේ අංක ගැන පොලිසිය වත් දන්නේ නැහැ.

නීතියේ ස්‌වාධිපත්‍ය ගැන අපි නිතරම කථා කරනවා. නීතිඥයෝ හැටියට නීතියේ ස්‌වාධිපත්‍යය කියන්නේ මොකක්‌ද? රටක තියෙන නීතිය අද ක්‍රියාත්මක නොවීමයි අද නීතියේ ආධිපත්‍ය කඩා වැටිලා. පෑල දොරින් ඉවත්ව ගිහිල්ලා. නීතිය එක සමානව සියලු දෙනාටම එකසේ බලපෑ යුතුයි. දේශපාලනයේ තරහකාරයින්ට පමණක්‌ බලපාන නීතියක්‌ රටක තියෙන්න බැහැ. තියෙන නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ නීතියෙන් ඇති වැඩක්‌ නැහැ.

මේ 17 වන ව්‍යවස්‌ථා සංශෝධනය තමයි ඓතිහාසික ව්‍යවස්‌ථා සංශෝධනය. ඇයි මේ ව්‍යවස්‌ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු කැමැත්ත පළකළා නමුත් කිසිම හැල හොල්මනක්‌ නැතිව 18 වන සංශෝධනය ගෙනැල්ල 17 වන සංශෝධනය කරණපිට හැරෙව්වා. ව්‍යවස්‌ථා සභාව අයින් කළා. අර පෙරකී සියලුම කොමිෂන් අයින් වුණා. 17 වන සංශෝධනය ගෙනාපු අවස්‌ථාවේ ඉතා ගරු ගාම්භීර ලෙස අතඋස්‌සලා ඡන්දය දීපු මන්ත්‍රීවරු 18 වන සංශෝධනයෙන් 17 වන සංශෝධනය අහෝසි කළා එය ජාතියේ අවාසනාවක්‌. ඒ නිසයි අද මතයක්‌ ගොඩනැගී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරකීර්ති ලියනගේ, ධර්මසේන පතිරාජ, ජෝශප් ස්‌ටාලින්, මහාචාර්ය නිර්මාල් පීරිස්‌ ආදී විද්වත්තු සභාව ඇමතූහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week