අම්බලන්ගොඩ, ඌරාවත්ත ප‍්‍රදේශයේදී මවක හා දියණියක කෘමිනාශක පානය කර වැටී සිටියදී අම්බලන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත අසාධ්‍ය තත්වයේ සිටි දෙදෙනා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
කාන්තාව කරාපිටිය රෝහලේ ද, දැරිය බලපිටිය රෝහලේ ද සිහිසුන්ව ප‍්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් තිබේ. මොවුන් දෙදෙනා එකම පවුලේ මව හා දියණිය වන අතර ඇඹිලිපිටිය, කොළඹගෙ ආර ප‍්‍රදේශයේ පදිංචිවෝ ය.
පවුල් ආරවුලක් මත නිවසින් පිටවී අම්බලන්ගොඩ ප‍්‍රදේශයට පැමිණ මව වස පානය කර දියණියටත් වස පොවා ඇති බවට පොලිසිය කල මූලික කරුණු විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත. මරණකාරිය වයස අවුරුදු 11ක්වූ තලකැල්ල පාර, කොළඹගෙ ආර, ඇඹිලිපිටිය පදිංචිකාරියකි.
පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාරදී ඇත. මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ මරණකාරියගේ මව වන වයස අවුරුදු 33ක්වූ කාන්තාව පොලිස් භාරයට ගෙන අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කර ඇත. සැකකාරිය බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්‍ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප‍්‍රථිකාර ලබයි. අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.