-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුස්ලිම් ජාතිකයන්ට සිය ආගමානුකූලව විවාහ වීම සදහා ලබාදෙන චරිත සහතික ව්‍යාජ ලෙස නිකුත් කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කැකිරාව රජයේ රෝහලේ රෝගාතුර වී ප‍්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකිරිගොල්ලෑව ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා විසින් කළ පැමිණිල්ලකට අනුවයි.

මුස්ලිම් පුද්ගලයෙකු කාන්තාවක සමග විවාහ වී සිටියත් එම කාන්තාවගේ කැමැත්ත මත තවත් විවාහයක් සිදු කර ගැනීමට හැකියාව ඇති අතර ඒ සදහා පිළිගත් මුස්ලිම් ආගමික නායකයෙකු විසින් චරිත සහතිකයක් නිකුත් කළ යුතු බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා කල්මුනේ සයින්දමරිදු ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියක අල්හාජ් මවුලවිවරයෙකු වශයෙන් කටයුතු කරන එච්. අදාම්බාවා ය නඅය ලෙස පෙනී සිටීමෙන් මුස්ලිම් ජාතිකයන්ට බහුවිවාහ කර ගැනීම සදහා කූඨ ලේඛන 
සකස් කර ඇත.

මැදවච්චිය ඉකිරිගොල්ලෑව මුස්ලිම් පල්ලිය වෙත පුද්ගලයන් 6 දෙනෙකුගේ විවාහ සදහාද ඒ ලෙස ලේඛන නිකුත් කර ඇති අතර,එම පල්ලියේ සභාපතිවරයා විසින් එම ලේඛන පරීක්ෂාවට ලක් කිරීමේදී ඒවායේ තිබූ අත්සන් එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ඒ පිළිබද සැක සිතී ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව සිදුකළ පරීක්ෂණ වලදී කල්මුනේ ප‍්‍රදේශයේ මවුලවිවරයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛන සකසා දීම සදහා මෙම පුද්ගලයා මුස්ලිම් ජාතිකයන්ගෙන් රුපියල් 35000ක පමණ මුදලක් අය කරගෙන ඇති බවටද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

ඊට අමතරව මුස්ලිම් ආගමට අනුකූලව එක් පුද්ගලයෙකුට එකම පවුලක සහෝදර සහෝදරියන් විවාහ කර දීමක් සිදු නොකෙරෙන අතර,මෙම පුද්ගලයා විසින් එවැනි විවාහ සිදු කිරීම සදහාද ලේඛන සකසා ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos